
බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විලත්තව ප්‍රදේශයේ දී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැක සිතී අදාළ ලොරිය පරීක්ෂා කර ඇති බවය.
එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (24) හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































