
හදිසි අවස්ථා ප්රකාශනය පිළිබඳ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කරගනු ලැබීය.
ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 63ක් ලැබී තිබුණි.
ඒ අනුව හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මත කරගනු ලැබීය.
අද දිනය පුරා ඊට අදාළ විවාදය පැවැත්වුණි.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස සිටියදී මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමට පියවර ගත්තේය.
ඒ අනුව මෙම ප්රකාශනය සිදුකොට දින 14ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එසේ නොකළහොත් එය අවලංගු වේ.
ඒ අනුව අගෝස්තු මස 09 වනදා දක්වා යළි පාර්ලිමේන්තුව කල්තැබුණි.



















































