
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් භාගයේ දී සිදුවූයේ යැයි කියන යුද අපරාධ පිළිබඳව චැනල් 4 වාර්තා වැඩසටහනේ අන්තරගත වන්නේ නම් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා පවසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දකුණු ආසියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙස්ටෙයාර් බර්ට් මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඩේවිඩ් කැමරන් අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය. චැනල් 4 රූපවාහිනය මගින් විකාශය කරන ලද අදාළ වාර්තා වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ඇලෙස්ටයාර් බර්ට් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. කෙසේවෙතත් මෙවැනි වාර්තා මගින් මෙරට යුදමය තත්ත්වයක් ඇතිකිරීමට ඇතමුන් උත්සාහ දරන බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙම වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් පැවසිය. මෙමගින් ශ්‍රී ලංකාවේ විවිධ ජනකොටස්වලට අයත් පුද්ගලයින් කම්පනයට පත්වන බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබුණි.

















































