
චැනල් ෆෝ නාලිකාව ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශනය කෙරුණු වෘත්තාන්ත චිත්‍රපටය ඇතුළු වාර්තාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ.
ඉතිහාසයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ ගෞරවය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත හිමි වන බව එකී නිවේදනය තුළින් ශ්‍රී ලංකා රජය පෙන්වා දී තිබේ.
එමඟින් ශ්‍රී ලංකා හමුදාවේ මානව හිතවාදී බව මනාව පිළිඹිබු වන බව ද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එසේම යුද ගැටුම් මඟින් සිදු වූ බලපෑම් සහ ජාතීන් අතර අන්‍යෙන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ යාන්ත්‍රණයක් පිළිබඳව සොයා බැලීමේ අරමුණින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම පත් කර ඇති බව ද එමගින් අවධාරණය කර තිබේ.
චැනල් ෆෝ වාර්තාව ශ්‍රීලංකාවේ ජාතීන් අතර සුහදතාවය වර්ධනය කිරීම වෙනුවට තව තවත් දුරස්ථභාවය ඇති කිරීමට හේතු සාධක වනු ඇති බව ද බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

















































