
නව කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නේය.
ඒ යටතේ කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු අද දිවුරුම් දෙනු ලැබූ අතර ඉන් බහුතරය පළමුවරට කැබිනට් ධුරවලට පත්වීම විශේෂත්වයකි.
කොටුව ජනාධිපති මන්දිරයේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම සිදුකෙරුණි.
ඒ අනුව නව අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.
දිනේෂ් ගුණවර්ධන - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද - ධීවර අමාත්‍ය
රමේෂ් පතිරණ - අධ්‍යාපන අමාත්‍ය / වැවිලි කර්මාන්ත අමාත්‍ය
ප්‍රසන්න රණතුංග - මහජන ආරක්ෂ අමාත්‍ය / සංචාරක අමාත්‍ය
දිලුම් අමුණුගම - ප්‍රවාහන අමාත්‍ය / කර්මාන්ත අමාත්‍ය
කනක හේරත් - මහා මාර්ග අමාත්‍ය
විදුර වික්‍රමනායක - කම්කරු අමාත්‍ය
ජානක වක්කුඹුර - කෘෂිකර්ම අමාත්‍ය /වාරිමාර්ග අමාත්‍ය
ශෙහාන් සේමසිංහ - වෙළෙඳ අමාත්‍ය / සමෘද්ධි සංවර්ධන අමාත්‍ය
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - ජල සම්පාදන අමාත්‍ය
විමලවීර දිසානායක - වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
කංචන විජේසේකර - බලශක්ති අමාත්‍ය / විදුලිබල අමාත්‍ය
තේනුක විදානගමගේ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
නාලක ගොඩහේවා - ජනමාධ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන - සෞඛ්‍ය අමාත්‍ය
නසීර් අහමඩ් - පරිසර අමාත්‍ය
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - වරාය හා නාවික අමාත්‍ය
මීට අමතරව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත්, අලි සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත් මීට පෙර දිවුරුම් දී තිබුණි.
https://youtu.be/aj0806pc8cg















































