
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ප්රවේශ වන මාර්ගය අසල විරෝධතාවයේ නිරත පිරිස් වෙත පොලීසිය විසින් ජල ප්රහාර සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබේ.
ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි පෞද්ගලික නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත පාර අසලට අද (31) පස්රුව 7.30ට පමණ රැස්වූ පිරිස් එලෙස විරෝධතාවයක් පවත්වා තිබුණේ මහරගම - මිරිහාන මාර්ගය ද අවහිර කරමිනි.



















































