header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණයට කෞතුකාගාරයට භාරදෙයි
Mar 07, 202208:18 PM
නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණයට කෞතුකාගාරයට භාරදෙයි
Mobitel 1278

දිවියට සමුදුන් නැදුන්ගමුවේ විජය රාජා හස්තියා වෙනුවෙන් අද පස්වරුවේ ආගමික වතාවත් ඉටුකරනු ලැබීය.

අනතුරුව නැදුන්ගමුවේ රාජාගේ දේහය සංරක්ෂණය සඳහා ජාතික කෞතුකාගාරය වෙත භාරකෙරුණි.

දහතුන් වසරක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැරේ පෙරහර කරඬුව වැඩමකරවීමේ භාග්‍යය හිමිවූ රාජාගේ මියයාම සැලවීමත් සමඟ ගම්පහ හර්ෂ ධර්මවිජය වෙද මහතාගේ නිවසට මහා ජන ගඟක් ගලා එන්නට විය.

ඒ රාජාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද එහි පැමිණ රාජාට අවසන් ගෞරව දැක්වීය.

මේ අතර නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධ ශාසන, ආගමික,හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ අනාගත පරපුරට දැකගැනීම සඳහා රාජාගේ සිරුර සංරක්ෂණය කරන ලෙසය.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69කි.

2005 වසරේ සිට 2021 වසර දක්වාම මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යෙය් අවසන් මහා පෙරහර වැඩිම සංඛ්‍යාවක පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය උදාකර ගත්තේ නැදුන්ගමුවේ රාජා හස්තියාය.

එම කාලය තුළ අවස්ථා 4 කදී හැර වසර 13ක් පුරා රාජා අවසන් මහා පෙරහරේ මඟුලැතුව, තේජසින් පෙරහර කරඬුව වැඩමවීමේ උතුම් කාර්යයට දායක වුණි.

1953 වසරේ ඉන්දියාවේ මයිසූර්හි උපත ලබා ඇති රාජා මෙරටට පැමිණෙන්නේ නීලම්මහර රජමහා විහාරස්ථානයේ හිමිනමකට පරිත්‍යාගයක් වශයෙන් හිමිවීමත් සමගය.

පසුකාලීනව ධර්ම විජය වෙද පරපුර භාරයට පත් රාජා 40 වසරකට අධික කාලයක් එහි හැදීවැඩුණි.

ආසියාවේ සිටින හීලෑ අලි ඇතුන් අතරින් විශාලතම සහ උසම හස්තියා ලෙස ලෙස සැලකුණේද නැදුන්ගමුවේ රාජාය.

ශ්‍රී දළදා පෙරහර කරඬුව වැඩමවීමේ භාග්‍යය ලත් මේ පින්සාර සද්දන්තයා කෙරෙහි මෙරට ජනතාව තුළ පැවතියේ දැඩි ළෙන්ගතුභාවයකි.

ප්‍රවාහන රථවල ගමන් නොගන්නා රාජා සෑම වසරකම දින ගණනාවක් පා ගමනින්ම මහනුවරට ගමන් ගන්නා අවස්ථාවේ මඟ දෙපස රැස්වන ජනතාව රාජා වෙනුවෙන් දක්වන ආදරය සහ ගෞරවය ඊට හොඳම නිදසුනය.

සත්ත්වයෙකු වුවත් අවස්ථා ගණනාවකදීම රාජා ජනතා උපහාරයෙන් පවා පිදුම් ලැබීය.

ජාතික උරුමයක් ලෙස ද නම් කර සිටි නැදුන්ගමුවේ රාජා අද පෙරවරුවේ සිය ජීවිතයෙන් සමුගත්තේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..