
රුසියාව විසින් යුක්රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ ශිෂ්‍යයෙකු බවය.
මේ අතර අදාළ ප්‍රහාරය එල්ලවන ආකාරය CCTV කැමරාවකද පටිගතව තිබුණි.
රුසියාව යුක්රේන ගැටුම් ආරම්භ වී 6 වැනි දිනය ගතවනවිට මෙතෙක් පැවති යුද ගැටුම්වලදී යුක්රේන සිවිල් වැසියන් 352දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගොස් ඇති පිරිස අතරින් 14 දෙනෙකු දරුවන් බවද වාර්තා වෙයි.
දෙරට අතර සටන්විරාමයක් සම්බන්ධයෙන් තීරණාත්මක සාම සාකච්ඡාවක් ඊයේ බෙලරුස් හි ගොමෙල් නගරයේදී අවසන් වූවත්, රුසියාව තවමත් යුක්රේනය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටී.
පසුගිය ඉරිදා ඔක්තිර්කා නගරයට එල්ල වූ එක් ආටිලරි ප්‍රහාරයකින් යුක්රේන සෙබලුන් 70ක් මියගොස් තිබුණි.
සාම ව්‍යායාමය නොතකා කියෙව් අගනුවර වෙත දැවැන්ත හමුදා බලඇණියක් යොමුකිරීමට රුසියාව පියවර ගනිමින් සිටී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් සේයාරූවල දැක්වෙන, සැතපුම් 40ක් දිගින් යුතු රුසියානු හමුදා සන්නද්ධ රථ පෙළ ගමන්කරන්නේ කියුව් අගනගරය වෙතය.
එමෙන්ම බෙලරුස් හි දකුණු කලාපයේ යුක්රේන දේශසීමාව ආසන්නයේ රුසියානු හමුදා සහ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රඳවා ඇති ආකාරයද මේ වාර්තාවන්හි දැක්වෙයි.
කෙසේනමුත් යුක්රේන හමුදාවේ සාර්ථක ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු ආක්‍රමණය අසීරු වී ඇති බවද විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙයි.
යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාකිව් වෙත ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 11දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ.
රුසියානු හමුදා ඊයේ කාකිව් නගරය වෙත බෝම්බ හෙළූ අතර එය CCTV කැමරාවල පටිගතව තිබුණි.
විශේෂඥයින් පවසන්නේ, රුසියාව යුක්රේනය වෙත පොකුරු බෝම්බ හෙලමින් සිටින බවය.
පොකුරු බෝම්බවල ඇති ප්‍රබලත්වය හේතුවෙන් ඒවා හෙලීම ජාත්‍යන්තර සම්මුතියකින් තහනම් කර තිබේ.
මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේන හමුදා පරිශ්‍රයක් නොව සිවිල් වැසියන් වාසය කරන කලාපයකි.
බර්ඩියාන්ස් වරාය නගරයේ වැසියන් රුසියානු හමුදාවන්ට තම භූමියෙන් ඉවත්වන්නැයි බලකරමින් විරෝධතාවේ නිරතවී තිබේ.
එම නගරය තමන් යටතට ගත් බව රුසියාව පැවසීය.
එසේම මෝටර් ප්‍රහාරයක් එල්ල කරමින් රුසියානු යුද ටැංකියක් විනාශ කළ ආකාරය සෙබළෙකුගේ හෙල්මටයේ රඳවා තිබූ කැමරාවක සටහන්ව තිබුණි.
















































