
රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර සාකච්ඡා බෙලරුසියාවේ දේශසීමාව ආසන්නයේ ආරම්භකළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එහි ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර වර්ධනය වී ඇති යුද්ධය ට තිත තැබීම බව එහි සඳහන් ය.
රුසියානු හමුදා යුක්රේනයට ඇතුළුවී අදට දින 5කි.
මෙම හමුව අරම්භවීමට ප්‍රථම යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියානු හමුදා අවි බිම තැබිය යුතු බවය.
එසේම තම රටට හැකි ඉක්මනින් යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබාදිය යුතු බවද ඔහු පැවසීය.
මේ අතර රුසියානු නියෝජිත පිරිසේ ව්ලැදිමීර් මෙඩින්ස්කි පැවසුවේ පාර්ශ්ව දෙකටම යහපත් වන එකඟතාවයකට පිවිසීම රුසියාවේ අරමුණ බවය.
















































