
තමා යුක්රේන අගනුවර වන කියුව් නගරයෙන් පළාගොස් නොමැති බව එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
කියුව් නගරයේ තවදුරටත් රැඳී සිටින බවට විඩියෝවක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තමා සමග අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපති උපදේශකවරයාත්, ජනාධිපති කාර්යාල ප්රධානීයාත් රැඳී සිටින බව ප්‍රකාශ කරමින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
තමන් යුක්රේන අගනුවරේ තම ජනතාව සමග තවදුරටත් රැඳී සිටින බව එම විඩියෝව මගින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
මේ අතර, කියුව් නගරය තවදුරටත් රැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන්ට ස්වංක්‍රීය ගිනි අවි ලබාදී ඇති බව ද සඳහන් වේ.
ඊට අමතරව අගනුවර තවදුරටත් රැක ගැනීම සඳහා ජනතාව සමග සටන් කරන බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මේ අතර යුක්රේන අගනුවර වන කියුව් නගරය සහ ඒ අවට තවදුරටත් දරුණු ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අගනුවර ආසන්නයේ ඇති වැසිල්කියුව් නගරයේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර තවදුරටත් සටන් පවතින අතර කියුව් නගරයේ ස්ථාන බොහෝමයකින් පිපිරුම් හඬවල් රැසක් අසන්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේවෙතත් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ප්‍රකාශයක් කරමින් පැවසුවේ යුරෝපය ඇතුළු බටහිර රටවල් තමාව තනි කර ඇති බවය.
සටන් විරාමයකට තවදුරටත් ආරාධනා කරන බව යුක්රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා ඇත.
වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
















































