header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ආක්‍රමණයේ අලුත්ම තත්ත්වය මෙන්න
Feb 25, 202208:42 PM
ආක්‍රමණයේ අලුත්ම තත්ත්වය මෙන්න
Mobitel 1278

දරුණු ගැටුම් මැද රුසියානු පාබල හමුදාවන් යුක්‍රේනයේ අගනුවරට අද පස්වරුව වනවිට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙලරුස් සිට රටට ඇතුළු වූ රුසියානු හමුදා කියුව් අගනුවර සමීපයට පැමිණීමත් සමග ගොඩබිම් සටන් ආරම්භ වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විචාරකයින් අනතුරු අඟවන්නේ, අද දිනය යුද්ධයේ 'අසීරුතම දිනය' වනු ඇති බවය.

රුසියානු හමුදා කියුව් අගනුවර වෙත ළඟාවෙත්ම එහි වැසියන් පෝලන්තය වෙත පළායමින් සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගැටුම්වලින් සිවිල් වැසියන් 127දෙනකු ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති බවය.

මේ වනවිට සිවිල් වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් අසල්වැසි රාජ්‍යයන් වෙත පළාගොස් තිබේ.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කරන්නේ නේටෝ සංවිධානය ඇතුළු බටහිර රටවල් තමන් තනි කළ බවය.

යුක්‍රේනයට එරෙහිව රුසියාව ඊයේ ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මකය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු හමුදා මේ වනවිට යුක්‍රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

රුසියානු හමුදා සෙබළු 800ක් පමණ මියගොස් ඇති බවට යුක්‍රේනය පැවසුවත් රුසියාව මෙතෙක් එය තහවුරු කර නොමැත.

මේ වනවිට රුසියානු හමුදාවන් උතුරින් බෙලරුස් හරහාත්, නැගෙනහිර ප්‍රදේශයෙන් රුසියාව හරහාත්, දකුණින් ක්‍රිමියාවේ සිටත් යුක්‍රේනයට ඇතුල් වී සිටින බව යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය පවසයි.

ඒ අනුව යුක්‍රේනයේ කියුව් අගනුවර ඇතුළු මරියපූල්, ඔඩේසා, කාර්කිෆ්, ලිවියිව් යන ප්‍රධාන නගර කිහිපයකට රුසියානු හමුදා විසින් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර ඒ සමග විශාල පිපිරුම් සිදුව ඇති බව ද වාර්තා වෙයි.

රුසියානු හමුදාව පැය 24ක් යාමට පෙර යුක්‍රේනයේ අගනගරය ආක්‍රමණය කිරීම තුළින් රුසියානු යුද ශක්තිය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.

එමෙන්ම කියුව් අගනගරයට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය ආශ්‍රිත බලය රුසියානු හමුදාව අත්පත් කරගැනීමද ජාත්‍යත්තර මාධ්‍යය තුළ දැඩි අවධානයට ලක්වු තවත් සිදුවීමකි.

මේ අනුව දැනට ලැබී ඇති තොරතුරු අනුව පෙන්නුම් කෙරෙන්නේ යුක්‍රේනය වෙත රුසියාව සෑම දිශාවකින්ම ප්‍රහාරයන් එල්ලකරමින් සිටින බවය.

යුක්‍රේන අගනගරය වන කියුව් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපය, ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමත් සමග දෙපාර්ශ්වය අතර දරුණු ගැටුම් ද හටගෙන තිබුණි.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමට ද හේතුවක් වූ 1986 පුපුරාගිය චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අවසානයේ රුසියානු හමුදාව අත්පත් කරගත්තේය.

ලොව විශාලතම න්‍යෂ්ටික අනතුර ලෙස සැලකුණු, එහි විකිරණ මෙම යුද ගැටුම් මැද යළි සක්‍රිය වුවහොත්, යුරෝපයට දැඩි බලපෑම් එල්ල කරනු ඇති බව යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවා තිබේ.

වසර 36ක් තිස්සේ අත්හැර දමා ඇති මෙම නගරයේ න්‍යෂ්ටික විකිරණ අපද්‍රව්‍ය බලාගාර තුළ තැම්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ බලාගාරයේ විකිරණශීලීත්වය ඉහළගොස් ඇති බවය.

එමෙන්ම අද දවස තුළ කියුව් සිය පාලනයට ගැනීමට රුසියාව සියලු යුද උපක්‍රම යොදවමින් සිටින බව පෙන්වාදෙන අමෙරිකානු බුද්ධි අංශ අනාවරණ කළේ, 10,000ක පමණ පැරෂුට් හමුදා භට පිරිසක් යොදවා යුක්‍රේන රජය මුලිනුපුටා දැමීම රුසියාවේ උත්සාහය බවය.

මේ අතර පොළොව මට්ටමට ඉතාමත් ආසන්නයෙන් කියුව් අගනුවරට ඉහළ අහසේ රුසියානු යානා ගමන් කරමින් සිටින ආකාරය ද දක්නට ලැබුණි.

රුසියාව හඳුනාගත් යුක්‍රේන හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකරන බවට පැවසුවත්, සිවිල් වැසියන් වාසය කරන ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ලකරමින් සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

රුසියානු විශේෂ බලකායේ ග්‍රහණයට නතුවූ කියුව් ගුවන් තොටුපොළ නැවත අත්පත් කරගත් බවද යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, අවුරුදු 18ත් 60ත් අතර යුක්‍රේන පිරිමින්ට රට හැර යාම තහනම් කිරීමට යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය පියවර ගෙන තිබේ.

යුක්‍රේන වැසියන් ATM යන්ත්‍ර අසල පොදිකමින් සිටින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

යුද්ධයට දැනටමත් මැදිව සිටින කාර්කිෆ් සහ නිප්‍රෝ වැනි නගරවල වැසියන්, පළායාමට නොහැකිව භූගත ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්නේ ඊයේ දිනයේ සිටය.

ඔවුන්ගෙන් බහුතරය දැන් යුක්‍රේන භූගත දුම්රිය පොළවල කාලය ගතකරන්නේ තම අනාගතය පිළිබඳ අපැහැදිලි තත්ත්වයකිනි.

මේ අතර ගුවන් ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා නිප්‍රෝහි ළමා රෝහලක් අලුත උපන් බිළිඳුන් සියලුදෙනාම රෝහලේ බිම් මහලට රැගෙන ගොස් තිබුණි.

මේ අතර යුක්‍රේන ජනාධිපති පවසන්නේ රුසියානු ආක්‍රමණයත් සමග රුසියාවේ පළමු ඉලක්කය තමන් බවය.

ඔවුන්ගේ දෙවන ඉලක්කය සිය පවුල බවත් පවතින තත්ත්වය අනුව තමන් සිටින්නේ දැඩි අවදානමක බවත් යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

කෙසේ වෙතත් එහිදී ඔහු, යුද්ධය වෙනුවට සාමයේ මාවත තෝරගන්නා ලෙස රුසියාවෙන් ඉල්ලා සිටී.

"2000 වසරේ සිට රුසියාව ගොඩනගා ගත් ප්‍රතිරූපය මේ සමඟ දැවී අළුවී යනවා. අපි යුද්ධයේ මාවත තෝරගත්තේ නැහැ. ඒත් නැවතත් සාමයේ මාවතට පිවිසෙන ලෙස අපි ආරාධනා කරනවා." යනුවෙන් ඔහු පවසා තිබුණි.

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න

MostRead
Mobitel 1278
VideoStories
දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

රුවන්වැලි මහා සෑය අසලසත්‍යග්‍රහ භූමියෙන් ඉවත්වන ලෙස කස්සප හිමි ඇතුළු පිරිසට නියෝග

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ