header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්
Feb 18, 202107:00 PM
හිජාස් හිස්බුල්ලා සහ මද්‍රසා පාසලේ විදුහල්පති රිමාන්ඩ්
Mobitel 1278

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අද (18) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයට අනුවය.

සැකකාර හිජාස් හිස්බුල්ලා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමෙන් පසුවය.

පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම, පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදාය.

එම දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10 කට ආසන්න කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදුකළේය.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් ලබා ගත් රැඳවුම් නියෝගය අවස්ථා කිහිපයකදී දිර්ඝ කරමිනි.

එම විමර්ශනයේ උදෘත අධ්‍යනය කළ නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස නම්කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

එමෙන්ම සිදුවීමට මූලික වූ පුත්තලම මුන්දලම ප්‍රදේශයේ මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ෂකීල් නැමැත්තා ඊයේ (17) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ ද නීතිපතිවරයාගේ උපදෙස් අනුවය.

ඒ අනුව සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කෙරුණි.

නීති කෘත්‍ය කැඳවනු ලැබුවේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, හිජාස් හිස්බුල්ලා නැමැති සැකකරු පුත්තලම කාරතිව් ප්‍රදේශයේ අල් සුහාරියා නැමැති මද්‍රසා පාසලේ අන්තවාදී ඉගැන්වීම් සිදුකිරීමට සම්බන්ධ බවය.

ඔහු සභාපතිධුරය දැරූ සේව් ද පර්ල් නැමැති සංවිධානය මෙම මද්‍රසා පාසලට පූර්ණ අනුග්‍රහය ලබාදී ඇති බවත් දරුවන් 56 දෙනෙකුට එහි ඉගැන්වීම් සිදුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඉන් ළමුන් 26 දෙනෙකු වෙනම පන්ති කාමරයක් තුළ රඳවා 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා වූ කාලවකවානුව තුළ විශේෂ නේවාසික පුහුණුවක් ලබාදී ඇති බව ද හෙළි කෙරුණි.

සැකකරු එම පාසලට පැමිණ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක වීඩියෝ දර්ශනයක් පෙන්වා ඊශ්‍රායලයේ කිතුණුවන් මුස්ලිම් පල්ලි පාලනය කරන බවත් ඔවුන් බියගැන්විය හැකි එකම ක්‍රමය ශ්‍රී ලංකාවේ කිතුණුවන්ට පහරදීම යැයි ඉගැන්වූ බවත් ඉන් එක් සිසුවෙකු විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි දී ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළේය.

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ නවුෆර් මවුලවි නැමැත්තා 2018 දෙසැම්බර් මාසයේදී ද සහරාන් හෂීම් 2019 ජනවාරි මාසයේදී ද මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනාවරණ කළේය.

අදාළ දේශනයේදී සහරාන් හෂීම් ආගම බේරාගැනීම සදහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටදැයි විමසූ බව එම දේශනයට සහභාගී වූ දරුවෙකු සිය සාක්ෂි ලබාදීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

එමෙන්ම සහරාන් ශෂීම්ගේ සහෝදරයෙකු වන රිල්වාන් හෂීම් ද අවස්ථා කිහිපයකදී එම මද්‍රසා පාසලට පැමිණ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වමින් ගිනි අවි පුහුණුවක් ලබාදී ඇති බවත් ''කිස්ත්‍රියානි පුද්ගලයින් මරන්නට ඕනේ ''යැයි සඳහන් කළ බවත් එම දේශනයට සහභාගී වූ දරුවෙක් සාක්ෂි ලබාදුන් බවත් ඔහු කියාසිටියේය.

එමෙන්ම පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැත්තා 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී එම පාසල තුළ හමුදා පුහුණුවක් පවත්වා ඇති බව තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණ කළේය.

එම මද්‍රසා පාසල තුළ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන බවක් එම පාසලට අනුග්‍රහය දැක්වූ සේව් ද පර්ල් සංවිධානයේ සභාපතිවරයා වූ හිජාස් හිස්බුල්ලා නොදැන සිටින්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රශ්න කළේය.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ, ඉන් ඊබ්‍රාහිම් ඉල්හාම් නැමැති ප්‍රහාරකයා සේව් ද පර්ල් සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කර ඇති බවත් ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැති ප්‍රහාරකයා සේව් ද පර්ල් සංවිධානයට මදුරන්කුලිය ප්‍රදේශයෙන් පර්චස් 108 ක ඉඩමක් මිලදී ගෙන ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී බවය.

එම කරුණු අනුව හිජාස් හිස්බුල්ලා නැමැති මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය යටතේත්, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ඇප ලබාදීමට එම මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ, එම සැකකරු මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් නියෝග මත සිටින්නෙකු බැවින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති බවය.

යම් හෙයකින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අවශ්‍යනම් ඔහුගේ රැඳවුම් නියෝගය අවසන් කළ යුතු බවද නීතිඥවරයා සඳහන් කළේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..