header logo
SLIC
සයුරෙන් එතෙර
මින් අන්ග් හලින්ග් - මියන්මාරයේ හමුදා පාලකයා
Feb 02, 202104:07 PM
මින් අන්ග් හලින්ග් - මියන්මාරයේ හමුදා පාලකයා
EDEX

මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන "මින් අන්ග් හලින්ග්" ඊයේ (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත්තේය.

ඒ මියන්මාරයේ නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගැනීමෙනි.

1962 සිට 2011 දක්වා හමුදා පාලනය යටතේ පැවති මියන්මාරය නැවත වසර 10කට පසුව හමුදා පාලනයකට නතුවීම ගැන අමෙරිකාව ඇතුළු ලොව බලවත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් විරෝධය එල්ල කර තිබේ.

මින් අන්ග් හලින්ග් මේ වනවිට මියන්මාරයේ සිටින ප්‍රබලතම හමුදා නිලධාරියා වේ. මියන්මාර හමුදාව "ටැට්මඩා" යන නමින්ද හඳුන්වයි.

ඔහු දශකයක් පුරා එරට හමුදා ප්‍රධානියා බැවින් ඔහුට සැලකිය යුතු දේශපාලන බලයක්ද හිමිව තිබේ.

මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වෙමින් පැවතිය ද හමුදාවේ බලපෑම් අඩුවීමට "මින් අන්ග්" ඉඩ නොදුනි.

සුළු ජාතික සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව දැඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගේ විරෝධයට ලක්වී සිටින්නෙකි.

64 හැවිරිදි ජෙනරාල්වරයා හමුදාවට එක්වී ඇත්තේ කැඩෙට් නිලධාරියෙක් ලෙසිනි.

යැන්ගොන් විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වන ඔහු ආරක්ෂක සේවා විද්‍යයතනයට 1974දී එක්වී ඇත්තේ තෙවැනි උත්සහයේ දීය.

පාබල හමුදාවේ සාමාජිකයෙක් වූ "මින් අන්ග්" ක්‍රමානුකූලව හමුදාව තුළ ඉහළට ගොස් 2009 වසරේදී "විශේෂ ක්‍රියාන්විත කාර්යාංශය-2" නම් හමුදා ඒකකයේ අණදෙන නිලධාරියා ලෙස උසස්වීමක් ලැබීය.

2010 වසරේදී මියන්මාර හමුදාවේ "කාර්ය මණ්ඩල ප්‍රධානියා" ලෙස පත්වීම් ලැබූ ඔහු 2011 වසරේදී එරට හමුදා ප්‍රධානියා බවට පත්වීම් ලැබීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට