header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ?
Dec 14, 202004:42 PM
අටුලුගමදී කෙළ ගැසූ පුද්ගලයාට වසර 05ක සිරදඬුවමක් ?
Mobitel 1278

කොවිඩ් ආසාදිත යම් පුද්ගලයෙකුගේ නොසැළකිලිමත්බව හේතුවෙන් වෛරසය ආසාදනය වී වෙනත් අයෙකු මියගියහොත් අදාළ පුද්ගලයාට එරෙහිව නොසැළකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තවත් අයෙකුගේ මරණය සිදුකිරීම යන කරුණ සම්බන්ධයෙන් නඩු පවරන්නට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ටීවී දෙරණ ඔස්සේ විකාශය කෙරෙන 'BIG FOCUS' වැඩසටහන සමග සම්බන්ධවෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගැසූ පුද්ගලයා සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් ආසාදිතයින් සැඟවීමට භාවිත කරන නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන්ද පියවර රැසක් ගැනීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

"යම්කිසි කෙනෙක් කොවිඩ් රෝගය තියෙද්දී PCR කරන්නේ නැතුව නොසැළකිළිමත් ලෙස ඉඳලා ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් රෝගය වැළඳිලා තවත් අයෙකු මියගියොත් එවිට ඒ පුද්ගලයාට එරෙහිව නොසැළකිළිමත් ක්‍රියාවකින් යම් තැනැත්තෙකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 298වන වගන්තිය යටතේ නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම නඩුවක් පැවරුවොත් ඔහුට වසර 05 සිට වසර 10 දක්වා කාලයකට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමක් නියම කිරීමේ හැකියාව තිබෙනවා. ද්වේශ සහගතව කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට උත්සහ කරන අයෙකුට අවුරුදු 03 දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන්,"

"යම් කොවිඩ් ආසාදිතයෙකු සැඟවිලා ඉන්න ගෙයක් පාවිච්චි කරන්න පුළුවන්, මෝටර් රථයක පැනලා යන්න පුළුවන්. චංචල නිශ්චල එවැනි දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට (නිසි බලධාරියාට) පුළුවන් ඒ දේපළ මුද්‍රා තබලා අවශ්‍ය කරුණු අධිකරණයට වාර්තා කරන්න. ඒ අනුව අපි මෙවැනි පුද්ගලයින්ට රැකවරණය දෙන නිවාස, ඔවුන්ව ප්‍රවාහනය කරන මෝටර් රථ පොලීසිය භාරයට ගන්න කටයුතු කරනවා. ඒ වගේම බුද්ධි අංශ හරහා අපිට අනාවරණය වුණා සමාජජාල මාධ්‍ය භාවිතා කරමින් ගම්වල ඉන්න ජනතාවට පෙළඹවීම් කරනවා, PCR සඳහා පෙනී සිටින්න එපා කියලා. යම් කණ්ඩායමක් විසින් එවැනි දේ කරනවා. මේ රෝගය පාලනය කරන එකට බාධා ඇති කරන්න තමයි ඔවුන් කටයුතු කරමින් ඉන්නේ. එවැනි පුද්ගලයින් 04 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තියෙනවා. සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගැසූ පුද්ගලයාට ඉදිරියේදී වගන්ති කිහිපයක් යටතේ නඩු පැවරීමට පියවර ගන්නවා. ඔහු දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙන්නෙ. සාමාන්‍යයෙන් ඔහු වසර 05ක පමණ සිරදඬුවමකට යටත් වෙයි," යනුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අටුලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුව රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ පසුගියදා පැමිණි අවස්ථාවක කොවිඩ් ආසාදිත එම පුද්ගලයා රෝහලගතවීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය අංශ වෙත කෙළ ගැසීමක් සිදුකර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..