
තමන් එක්සත් ජාතික පක්ෂයට යන බවට ඇතමුන් අසත්ය ප්රචාර පතුරවමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත පුංචිනිලමේ මහතා පවසයි.
ත්රිකුණාමලයේ පැවති මාධ්ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට තාමට පුද්ගලිකව ප්රසිද්ධියේ ආරාධනාවක් නොලැබූ බව පාර්ලිමේන්තු මන්ත්රීවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත පුංචිනිලමේ මහතා පවසා සිටියේ පොදුජන පෙරමුණේ කැඳවුම්කරු ලෙසත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයා වශයෙන් තමත් කටයුතු කරන බවයි.
එමෙන්ම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභ රජපක්ෂ මහතා ජය වෙනුවෙන් කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත පුංචිනිලමේ මහතා වැඩිදුරටත් පැවසීය.



















































