header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මධුෂ්ගේ අභියාචනයේ තීන්දුව මැයි 2දාට කල් යයි
Apr 18, 201904:54 PM
මධුෂ්ගේ අභියාචනයේ තීන්දුව මැයි 2දාට කල් යයි
Mobitel 1278

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ.

මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(18) අළුයම මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුණි.

ඊයේ(17) දිනයේදි මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගත් දයාන් බුද්ධිම නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් අතර නිලාන් රොමේෂ් යන අය අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වු මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පිරිසෙන් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කිරිමෙන් පසු අද අලුයම 5.55 ට පමණ යු.එල්.226 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

මෙලෙස පිටුවහල් කළ දෙදෙනා වන්නේ පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් යන අයයි.

මොවුන් මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණි.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ අලුයම මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනාගෙන් සිව් දෙනෙකුගෙන් තවදුරටත් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරින් විසින් ප්‍රශ්න කිරීම් සිදුකරයි.

එම හය දෙනා අතර සිටි දයාන් බුද්ධිම පෙරේරා යන අය ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබීය.

දැනට අනාවරණ වි ඇති තොරතුරු අනුව මොහු ගුවන් හමුදාවෙන් පළා ආ අයෙකු වන අතර මනුෂ්‍ය ඝාතන කිහිපයකටද සම්බන්ධ අයෙක් බවට සැක කෙරෙයි.

මේ අතර මාකඳුරේ මධූෂ්ගේ ඥාති සහෝදරයෙකු වන නිලාන් රොමේෂ් සමරසිංහ යන පුද්ගලයා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරිමට රැගෙන ගියේය.

ඔහු 2010 වසරේදි ගිනිඅවි ජාවාරමකට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර 2018 වසරේදි මාතරදි වෑන් රථයක් කොල්ලාකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් වෙයි.

එමෙන්ම 2005 වසරේදි පෞද්ගලික මුල්‍ය ආයතන දෙකකින් මුදල් කොල්ලකෑමේ සිද්ධි දෙකකට අදාළව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත් වු අවස්ථාවේ එම නඩුවේ ඇපකරු වී ඇත්තේද නිලාන් රොමේෂ් සමරසිංහ යන අයයි.

ඒ අනුව මාකඳුරේ මධූෂ්ට හා නිලාන් රොමේෂ් යන දෙදෙනාටම ඒ අනුව වරෙන්තු නිකුත් කර තිබුණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු ඉදරිපත් කළ අතර එය සලකා බැලු මහේස්ත්‍රාත්වරයා නිලාන් රොමේෂ් යන අය මේමස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

එසේම ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබේ.

ඒ අනුව මේ වනවිට මාකදුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

මේ අතර ප්‍රශ්න කිරිම්වලින් පසු මුදා හැරුණු ගායන ශිල්පි නදිමාල් පෙරේරා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දිමකට අනුව ප්‍රකාශක් ලබා දිම සඳහා අද පෙරවරු 9.20ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පැය 3.20කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දිමෙන් පසු ගායන ශිල්පි නදීමාල් පෙරේරා අද දහවල් පිටව ගොස් තිබුණි.

මේ අතර ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පි අමල් පෙරේරා මෙරටට පිටුවහල් කිරිම සඳහා දැනටමත් එරට මහජන අභිචෝදකවරුන් නියෝගයක් නිකුත් කර ඇති බව ඔහු වෙනුවෙන් පෙනි සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි.

මේ අතර මාකඳුරේ මධුෂ් විසින් තමන්ව ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය අද එරට අධිකරණය හමුවේ සලකා බැලීය.

එහිදි අධිකරණය තීරණය කර ඇත්තේ එම අභියාචනයේ තීන්දුව ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල්තැබිමටයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

රට පොලිස් රාජ්‍යයක් කරා ගමන්කිරීමේ අවදානමක් ගැන නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්‍රබල තත්ත්වයක... CIDය සලේට හොඳින් සලකන බවට අධිකරණයේ දී හෙළිවෙයි...

 "තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

"තිරිගු පිටි මිල රු.13කින් වැඩි කරලා" පාරිභෝගික අධිකාරියේ සභාපති මවිත වෙලා..

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

ඥානසාර හිමි වෙනුවෙන් සටන අත්නොහරින හිමිවරු...සත්‍යග්‍රහ තවදුරටත්

 ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

ෂෝටීස් සහ පරාටා මිලත් ඉහළට

 කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

කාවන්තිස්සට වුණු අසාධාරණය ගැන සොයන්න සජිත් ඇතුළු පිරිස සටනට බසී

 “රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

“රජය තාම අපේ වෙලා නෑ...තාම පිස්සු කෙළිනවා රජය අසමත් එක්තරා ආකාරයකට”

 තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

තනුක කරලා දෙරණ ගහන ගැහිල්ල ගැන ලාල් ප්‍රසිද්ධියේම කිව්ව කතාව...

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පිළියන්දලදී කාර්මික දෝෂයකට ලක්වෙයි

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

මොරටුව, සොයිසාපුර රත්කළ වෙඩිල්ල... නවතම දර්ශන

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

අධි අවදානම් අලි ඇතුන් 13ක් ගැන වයිල්ඩ් ටස්කර් සංවිධානයෙන් හෙළිදරව්වක්

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

තවමත් හදවත් කකියන කාවන්තිස්ස හස්තියාගේ මරණය

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

ආණ්ඩුවේ මර්දනය ගැන සැරට කිව්ව දිලිත්

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

පැය 2කට පසු අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් - එන්න කියපු හේතුව හෙළිකරයි

 “වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

“වලානෙන් කියලා 15ක් විතර ආවා...කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා”

Lassana Flora
Spotlight
ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

ගල්අඟුරු කොමිසමේ කාලය තවත් දික්කරයි

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නොරොච්චෝලේ ජනන යන්ත්‍ර බිඳවැටීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

නව ත්‍රස්ත පනතින් අධිකරණ බලය විධායකයට පවරලා...

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

වෙස් මාරු කර යළිත් එන්නේ පරණ ත්‍රස්ත පනතම ද ?

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

ගැටඹේ මහ නාහිමිගේ දේහයට ගෞරව දක්වන්න මහ පිරිසක් - අවසන් කටයුතු හෙට පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් දී නෑ - තායි නියෝජ්‍ය අගමැතිනියට ලංකාවේදී කුඩම්මාගේ සැලකිලි

 හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

හජ් වන්දනා පනත ගෙන ඒමට හැකිවීම විශාල ජයක් - බුද්ධ ශාසන ඇමති

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5,200කට දඩ

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

දින තුනක් පැය බැගින් විදුලි කප්පාදුවක් - රටම කලාප 4කට බෙදයි

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

සැමියා රටගිය බිරින්දෑවරුන්ට ආතතිය

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

2024-2026 අවුරුදු 2දී සූර්ය පැනල විදුලි ධාරිතාව දෙගුණයකින් ඉහළට

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

රට පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම | "මෙහෙම නම් ඇමතිවරයෙක් ඉඳලා වැඩක් නෑ"

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana