කොඩි සහ ලාංජන නැතුව විශ්වවිද්‍යාල සිසුන් මහවිරු සමරයි
November 27, 2018 05:19 pm
යාපනය විශ්වවිද්‍යාලයේ මහවිරු සැමරුම් ස්මාරකය අභියසදී යාපනය විශ්වවිද්‍යාල සිසුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මහවිරු සැමරුම් වැඩසටහන අද(27) දහවල් පැවැත්වැත් වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
විශ්වවිද්‍යාලයේ සැමරුම් ස්මාරකය අභියස වර්ණ සහිත කොඩිවැල් ඇද, ස්මාරකය අවට ප්‍රදේශය අලංකාරවත් කොට, මහවිරුවන් වෙනුවෙන් මල්පුදා,පහන් දල්වා සැමරුම් වැඩසටහන පැවැත්වූහ.
යාපනය විශ්වවිද්‍යාලය මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෝපායි පොලීසිය ඉල්ලීමක් කොට තිබිණි.
අධිකරණය එහිදි නියෝග කොට තිබුණේ එල්.ටී.ටී.ඊ කොඩි, ලාංජන හා පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර සැමරුම් පවත්වන ලෙසයි.
අධිකරණ නියෝගයෙන් අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාල සීමාව තුළ වර්ණ කොඩි වැල් එල්ලා, සැමරුම් ස්මාරකය අලංකාරවත් කොට තිබිණ.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූවේ විශ්ව විද්‍යාල සිසුන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන පැවැත්වු බවයි.
යාපනය විශ්ව විද්‍යාල සැමරුම් වැඩසටහනට සමගාමීව උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් යාපනය නල්ලූර් පිහිටි දිලීපන් සැමරුම අභියදීද මහවිරු සැමරුම් වැඩසටහනක් පැවැත්වූහ.