
රු ලක්ෂ 20 මුදලක් අල්ලස් ලෙස ගත් සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂාප කර නීතිවිරෝධී යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු ලක්ෂ 20ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන මෙම තැනැත්තාව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

















































