header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2025 මුල් මාස 10 තුළ මෙරට අපනයන ආදායම අ.ඩො.බි 14.4 ඉක්මවයි
2025 මුල් මාස 10 තුළ මෙරට අපනයන ආදායම අ.ඩො.බි 14.4 ඉක්මවයි
Mobitel 1278

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කරන්නේ, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0%ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බවය.

මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14,433.82 කි.

එය 2024 වසරේ එම කාලයට වඩා සාපේක්ෂ වර්ධනයක් පෙන්වන අතර, වසරක මුල් මාස දහය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන දාහතර ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම කාලය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ප්‍රථමවරට අමෙරිකානු ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යාම විශේෂත්වයකි.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

"මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ වාර්තා වූ ඉහළම අපනයන අගයයි. ප්‍රධාන බටහිර වෙළෙඳපොළවල් අඛණ්ඩව යථාතත්ත්වයට පත්වීම සහ දේශීය කර්මාන්ත විසින් පවත්වාගෙන යනු ලබන ස්ථාවර නිෂ්පාදන ධාරිතාවය මෙම වර්ධනයට දායක වී ඇත. අපගේ අපනයනකරුවන්ගේ ශක්තිමත්බව සහ කැපී පෙනෙන ක්‍රියාකාරිත්වය පිළිබඳව මම ප්‍රශංසා කරමි. විශේෂයෙන්, මෙම කාලය තුළ වාර්ෂික අපනයන ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18න් 80%ක් දැනටමත් සාක්ෂාත් කර ගෙන ඇත.

2025 ඔක්තෝබර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා අංශයන්හි මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,474.38ක් විය. එය 2025 සැප්තැම්බර් හා සසඳන විට මාසිකව 2.2%ක වැඩිවීමක් පිළිබිඹු කරයි. ඔක්තෝබර් මාසයේ කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත් බව, වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ ගෝලීය තරගකාරිත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගවල අඛණ්ඩ ඵලදායීතාවය අවධාරණය කරයි. සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වී ඇත. 2025 ඔක්තෝබර් මාසයේදී සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 316.14 කි. වසරේ මුල් මාස දහය තුළ සේවා අපනයන ආදායමේ වර්ධනය 4.01% කි. එය අමෙරිකානු ඩොලර් මිලියන 3,060.21 ක් වේ. මෙම ප්‍රවණතාවය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වීමේ වැදගත්කම සහ එය ජාතික අපනයන ආදායම සඳහා ඉවහල් වන ආකාරය පිළිබිඹු කරයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍ර‍ය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරයි."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි