header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
Jul 18, 202503:40 PM
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
Mobitel 1278

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් අනතුරුව එහි නියෝගය අද පස්වරු 2.00 ට ප්‍රකාශයට පත්කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අද දහවල් නිවේදනය කර තිබිණි.

ඉන් අනතුරුව අදාල නඩුකරය පස්වරු 2.00 පමණ විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රත්වරිය ප්‍රකාශ කළේ මෙම නියෝගය පසුව ප්‍රකාශයට පත් කරන බවය.

ඉන් අනතුරුව මෙම නඩුකරය සවස 3.20ට පමණ මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රත්වරිය සඳහන් කළේ අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

මෙම අපේක්ෂිත ඇප පෙත්සම අද දහවල් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.
"ස්වාමීනී කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමක් විසින් 2012 වසරේ මැයි මස 19 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ඉවත් කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ධීවර වරාය නීතිගත සංස්ථාවට ගෙවීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. මෙම යෝජනාව අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට. මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර එය මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවක් හරහා අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් ලබා නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කරන හිටපු අමාත්‍යවරයාගේ නියෝගයකට අනුවයි ධීවර වරාය නීතිගත සංස්ථාව එය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එසේම මෙය වැලි සම්බන්ධ කටයුත්තක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුයි. එහෙත් එවැනි වාර්තාවක් ලබා ගෙන නැහැ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන නැහැ. මෙලෙස අනීතික ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘතිය සැකකාර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කර තිබෙන්නේ. පසුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගමට වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ධීවර වරාය සංස්ථාව සතුව තිබූ "වැලිගෝව්වා" නමැති නෞකාවත් ඔවුන්ට ලබාදීමට සිදු වුණා. මෙම කරුණට අදාළව අදාල කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නඩු පැවරීම සිද්ධ කරලා තිබෙන්නේ වැලිගොව්වා නෞකාවට සිදු වූ හානිය වෙනුවෙන් පමණයි. එම නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙන්නේ රුපියල් මිලියන 15ක මුදලක්. එහෙත් එම නෞකාවට සිදුවූ සැබෑ හානිය රුපියල් මිලියන 26ක් පමණ වෙනවා. සමස්තයක් වශයෙන් මේ ව්‍යාපෘතිය තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුවෙලා තිබෙනවා" යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්න මහතාට දැනුම් දුන්නද ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් කොමිසමට නොපැමිණි බව කියා සිටියා.

වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව පැවසුවත් එය විධිමත් වෛද්‍ය වාර්තාවක් නොව බෙහෙත් තුන්ඩුවක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මොහු හිතාමතාම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බැවින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ප්‍රතික්ෂේප කොට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වා සිටියේය.
"ස්වාමීනි මේක පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාගේ හිතුමනාපයට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. ඒ සඳහා 2008 සහ 2012 යන වසර වල මේ වැලි කැණීම් කටයුතු සිද්ධ කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුවයි මේක ක්‍රියාත්මක වුණේ. එසේ නොමැතිව ඔහුගේ පුද්ගලික තීරණයක් මත ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. අද අල්ලස් කොමිසම එක් එක් අයගේ ඕනෑ එපාකම් අනුවයි කටයුතු කරන්නේ. ඔවුන්ට පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පිපාසයක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිකුත් කළ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරල තිබුණත් සැකකරුවන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය තිබෙනවා. ඒ නිසා පැමිණිල්ල ඉල්ලා සිටි පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." යනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

MostRead
Mobitel 1278
VideoStories
ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

කලා වැවත් වාන් දමයි

කලා වැවත් වාන් දමයි

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

අමෙරිකානුවන්ට ට්‍රම්ප් එපාවෙයි - රිපබ්ලිකන් බලකොටු රැසක් බිඳවැටෙයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

පොලීසිය දැක්කම මත් ජාවාරමුන් කෝටි 27ක කුඩු පාර්සලය දමා දුවලා

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්

ත්‍රී’මලේ ඝාතනය දෙහිබාලේගේ වැඩක් වෙඩි කා මියගියේ අහක හිටපු නාවික සෙබළෙක්