header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කෙරේ
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කෙරේ
Mobitel 1278


රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව ඊයේ (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වා ඇති අතර, අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදුකරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි.

විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

දේශීය සහ විදේශීය පරිශීලකයින්ට තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම පිළිබඳවද මෙහිදී සලකා බැලුණි.

මෙම ප්‍රතිසංස්කරණ මඟින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමත්, පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසාද් පියසේන, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිර්මල පරණවිතාන, මහජන රාජ්‍යතාන්ත්‍රික අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැ.බ. අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යතර කටයුතු) පී.ජී.ජී.එස්. යාපා යන මහත්වරු ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි