header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනාධිපති සමාවට මුවාවී සිරකරුවන් නිදහස් කිරීම
ජනාධිපති සමාවට මුවාවී සිරකරුවන් නිදහස් කිරීම
Mobitel 1278

ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.

එහිදී ඔහුව එළැඹෙන ජුනි 25වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ අතර ජනාධිපති සමාවට මුවාවී ඉකුත් වෙසක් පෝය දිනයේ අනුරාධපුර බන්ධනාගාරයෙන් එක් රැඳවියෙකු පමණක් නොව, රැඳවියන් තිදෙනෙකු අනීතිකව මුදාහැර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වා සිටියේය.

" ස්වාමිනි, විශේෂ දිනවලදී රටේ ජනාධිපතිවරයා සිරකරුවන්ට පොදුසමාව දීමේදී රටේ බන්ධනාගාර 28න්ම නිර්දේශ කැඳවනවා. පසුව එම ලැයිස්තු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යනයකර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකරන අතර ඉන් පසුව ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයාගේ අනුමැතියට යොමු කරනවා.

මෙකී වෙසක් පොහොය දවසේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ජනාධිපති සමාව සඳහා නම් 37ක ලැයිස්තුවක් යොමුකරලා තියෙනවා.

නමුත් සැකකාර බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපති පොදු සමාවට යොමුකරපු නම් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයට අදාළව තිබී ඇත්තේ රැඳවියන් 36කගේ නම් පමණයි.

එසේම ජනාධිපතිවරයා ජනාධිපති සමාවට අනුමැතිය දුන් නම් 388ක් ඇතුළත් සමස්ත ලැයිස්තුවේම ප්‍රශ්නගත පුද්ගලයා වන අතුල තිලකරත්නගේ නම ඇතුළත්ව නැහැ.

ඊළඟට ජනාධිපතිවරයා ලැයිස්තුවට අනුමැතිය දුන් පසු මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දී ඇත්තේ " ඔබ එවපු ලැයිස්තුවට සමාව අනුමත වුණා" යනුවෙන්.

ඒ හරහා ජනාධිපතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 36කට සමාවදීමට අනුමත කර තිබියදී, 37ක් මුදාහැර තිබෙනවා.

ඇත්තටම ස්වාමිනි ඊයේ දින අපි කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණ පරිදි, මෙදින අනීතිකව සමාව ලැබී තිබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොවේ.

ජනාධිපති සමාව අනුමත නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු හොරට මුදාහැර තිබෙනවා.

දැනට තොරතුරු ලැබී ඇති පරිදි ප්‍රශ්නගත සිද්ධියට හේතු වූ අතුල තිලකරත්න රටින් පළාගොස් ඇති බවට සැකකෙරෙනවා. අනිත් පුද්ගලයන් කව්ද කියලා තවම සොයාගන්නත් බැහැ.

ස්වාමිනි ආයතනයේ ප්‍රධානියා ලෙස සියලු බන්ධනාගාරවල රැඳවියන්ට ලබාදෙන සමාවන් මේ සැකකරුට සන්නිවේදනය වෙනවා. ඒ නිසා ඔහුට මම දන්නේ නැහැ කියන්න බැහැ. මොහු මේ ක්‍රියාවලියට වංක සහයෝගීතාවයක් දක්වලා තියෙනවා".

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, මේ සිද්ධිය පාදක කරගනිමින් රටේ සියලුම බන්ධනගාර අධිකාරිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

"ස්වාමිනී මේ විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඊයේ කිව්වා තමන්ගේ සේවාදායකයා චක්‍රලේඛයකට අනුව කටයුතු කරලා තියෙන්නේ කියලා. මම අහන්න කැමති එහෙම කළානම් ඇයි ඒ පිළිබඳ අධිකරණය දැනුවත් නොකළේ කියලා.

අනුරාධපුර මුදාහැරපු සිරකරු සම්බන්ධයෙන් මහාධිකරණ වාර්තාවක් කැඳවපුවාම එතනටත් කූඨ ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති සමාව යටතේ මුදාහැරියා කියලා. මේක බරපතළ තත්ත්වයක්.

ස්වාමිනි, දඩ ගෙවාගන්න බැරි සිරකරුවන් සිය ගණනක් ඉද්දි මොවුන් කොහොමද එක්කෙනෙක් දෙන්නෙක් තෝරාගෙන හොරෙන් මුදාහරින්නේ.

මොකක්ද නිර්නායකය. Interview තියලාද, නැතිනම් BIO DATA බලලාද? ප්‍රතිලාභ හෝ වාසි තකා මේවා සිදුවෙනවා ද කියලා සොයාබලන්න අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ.

මොකද අධිකරණ නියෝගයෙන් බන්ධනාගාරගත කරපු සැකකරුවෝ අනිත් පැත්තට බන්ධනාගාර රෝහලට ඇතුළත් වෙනවා. ඒ වෙන්නේ මේකෙ ඇතුළේ තියෙන වෙනම අධිරාජ්‍යයෙන්. ඉතිං රටේ සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනය කරනවා.

අද මේ විත්තිකූඩුවේ සිටින්නේ බූවල්ලෙක්. ඒ බුවල්ලා එළියට දැම්මොත් අඩුවලින් මේ විමර්ශනයේ සාක්ෂි සියල්ල විනාශ කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශනය අවසන් වනතුරු මේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

අනතුරුව ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කළා.

" ස්වාමිනි මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ තාක්ෂණය භාවිත වෙන්නේ ඉතාම අඩුවෙන්. එහෙම තත්ත්වයක කොළඹ ඉඳලා තනි පුද්ගලයෙකුට සියලුම බන්ධනාගාරවල තත්ත්වය සොයා බලන්න බැහැ.

ඒ නිසයි මෙහෙයුම් කොමසාරිස්වරයෙක් පත්කරලා ඉන්නේ. මගේ සේවාදායකයා වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙක් පැහැදිලිව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දීලා තියෙනවා 'යෝජිත
ජනාධිපති සමාව ලැබූ පුද්ගලයන් හැරුණුවිට වෙනත් රැඳවියෙකු නිදහස් කළහොත් එහි පෞද්ගලික වගකීම ඔබ විසින් දැරිය යුතුයි කියලා'.

පැමිණිල්ලේ කිසිදු සාක්ෂිකරුවෙකු මගේ සේවාදායකයා මේ වරදට සම්බන්ධයි කියලා සාක්ෂි දීලා නැහැ. එබැවින් මේ අත්අඩංගුවට ගැනීම දෝෂසහගතයි, සාවද්‍යයි. නිසි විමර්ශනයක් සිදු නොකරයි ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එබැවින් මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා".

ජනාධිපති නීතිඥවරයාගේ එම ඇප අයැදුමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

"ස්වාමිනි, බන්ධනාගාරය ඇතුළේ තාක්ෂණය නැහැ කියන්නේ මේ විත්තිකරු අවුරුදු 05ක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විදිහට පොල් ගාන එකද කරලා තියෙන්නේ.

Computer එකක් අරගෙන ක්‍රමවේදයක් හදලා නැද්ද? අවුරුදු ගාණක් කරපු වංචාවක් පිළිබඳ විමර්ශනයක් දින 02න් ඉවරකරන්න මේ විමර්ශන නිලධාරින් යන්ත්‍රද? මේ සැකකරුවෝ ඇපමත මුදා හැරලා ඊට පස්සේ ගෙන්නගන්න බැරිවෙනවා.

අපිට සති දෙකක් දෙන්න ස්වාමිනි. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ මීළඟ නඩු දිනයේ අධිකරණය විශ්මයට පත්වන අන්දමේ විමර්ශන ප්‍රගතියක් ඉදිරිපත් කරනවා".

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

"මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

"මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

කෝටි ගණන් සල්ලි ගිලින ආයෝජන කල්ලි - රු.බි. 4කට අධික මුදලක් වංචා කළ දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වැඩසටහනක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි