header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මල්වානේ සුවිසල් මන්දිරය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග
Jun 03, 202210:27 PM
මල්වානේ සුවිසල් මන්දිරය ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග
Mobitel 1278

ගම්පහ මල්වාන නිවස සම්බන්ධයෙන් වන නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් නිදොස් කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (03) නියෝග කළේය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත්වීම හේතුවෙන් මෙම නියෝගය ලබාදෙන බවය.

දොම්පේ, මල්වානේ කැලණි ගඟ අසල අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් නීතිපති දෙපාර්තමේන්තුව යහපාලන ආණ්ඩු සමයේදී බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව නඩු ගොනු කළේය.

නඩුවට අදාළ අක්කර 16ක ඉඩමේ ඉදිකර තිබූ නිවසේ මෙන්ම නාන තටාකයේ සහ සියලුම දේපළවල වටිනාකම රුපියල් විසිකෝටි අසූලක්ෂයක් වන බවට නීතිපති දෙපාර්තමේන්තුව සිදුකළ තක්සේරුවකදී අනාවරණ වූ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුනි.

කෙසේවෙතත් මෙම නඩුව විභාගයට ගන්නා අතරවාරයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ දැරූ ස්ථාවරය වූයේ තමාට මෙම ඉඩමේ කිසිදු අයිතියක් නොමැති බවය.

එසේම රුපියල් ලක්ෂ 640 කට මිලදී ගෙන ඇති මෙම ඉඩමේ දැනට ලියාපදිංචි අයිතිය ඇති මුදිත ජයකොඩි නැමැත්තාද මෙම ඉඩමේ අයිතිය ඔහුට ද නොමැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පුගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ කිසිවෙකුත් හිමිකම් නොකියන මෙම ඉඩම හා නිවස ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කරන ලෙසය.

අලෙවි කිරීමෙන් පසු ලැබෙන මුදල් පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය බාරයට පත්කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත් අධිචෝදනා තුනක් යටතේ බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේෂන් යන අයට එරෙහිව නීතිපතිවරයා 2017 මැයි මස 03 වනදා ගම්පහ මහාධිකරණය අධිචෝදනා ගොනුකළ අතර වසර 05කට වැඩි කාලයක් නඩුව විභාගයට ගැනුණි.

මෙම නඩුව අවසන් වරට විභාගයට ගැනුණු මාර්තු 25වැනිදා පැමිණිල්ල විසින් පළමු සාක්ෂිය ලෙස කැඳවූ එම නිවස ඉදිකළ කොන්ත්‍රාත්කරු වන උපුල් කුමාර රාමවික්‍රම පැවසුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තමා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ අතර තමා ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් අත්සන තමාගේ බව පිළිගත නොහැකි බවය.

සාක්ෂිකරු එසේ පවසා සිටින පසුබිමක බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති මෙම නඩුවේ මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බවට පැමිණිල්ල මෙහෙයවූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා මාර්තු 25 වනදා මහාධිකරණයට දැනුම් දුනි.

පැමිණිල්ල විසින් තවදුරටත් සාක්ෂි විමසීමක් සිදු නොකර නඩුව අවසන් කර ඇති හෙයින් තම සේවාදායකයන් චෝදනාවලින් නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් මහාධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා නඩුව අද දිනට කල් තැබුණි.

අද නඩුව කැඳවූ අවස්ථාවේ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ප්‍රකාශ කළේ විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන බවය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වීම හේතුවෙන් මෙම නියෝගය ලබාදෙන බවද පූර්වගාමී විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මල්වාන හිමිකරුවෙක් නොමැති නිවසට අදාළ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු නඩේසන් යන දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරුණි.

විත්තිකරුවන් දෙදෙනාම අද නඩුවාරයට සහභාගී වී සිටි අතර ඔවුන් පැමිණි මෝටර් රථ අධිකරණ පරිශ්‍රය ඉදිරියේ ගාල් කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහාධිකරණයේ නීතීඥවරුන්ගෙන් විරෝධය එල්ලකර තිබුණි.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..