header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මැතිඇමතිවරුන් රැසකගේ නිවාස ගිනි තබයි
May 10, 202207:39 AM
මැතිඇමතිවරුන් රැසකගේ නිවාස ගිනි තබයි
Mobitel 1278

ඊයේ (09) රාත්‍රී මැතිඇමතිවරුන් රැසකගේ නිවාස සහ දේපළවලට ද ගිනි තබා හානි සිදුකර තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, සනත් නිශාන්ත, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ, කංචන විජේසේකර යන අයගේ නිවාසවලට ගිනි තබා දැඩි අලාභානි සිදුව තිබේ.

ඊට අමතරව දිවයින පුරා පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසකගේ නිවාසවලට ද හානි සිදුකර ඇති අතර කුරුණෑගල පිහිටි මහින්ද රාජපක්ෂ මහතාට අයත් නිවසකට ද ගිනි තබා ඇති බව වාර්තා වේ.

මැදමුලන පිහිටි ඩී.ඒ රාජපක්ෂ සහ දන්දිනා රාජපක්ෂ මහත්මියගේ ස්මාරකය ද කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා විනාශ කර තිබේ.

මේ අතර වටරැක බන්ධනාගාර වැඩ කඳවුරේ රැඳවියන් පිරිසක් රැගත් බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

බාහිර ඉදිකිරීම් සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය යටතේ පිටතට රැගෙන ගොස් යළි බන්ධනාගාර කඳවුරට පැමිණෙමින් සිටියදී එම පහරදීම සිදුව ඇති අතර එහිදී සිරකරුවන් පිරිසක් තුවාල ලබා රෝහල් ගත තිබේ.

මේ අතර, ඊයේ දිනයේ ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය අසල ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලින් තුවාල ලැබූ පුද්ගලයින් 193 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඉන් බොහෝ පිරිසකට සුළු තුවාල සිදුව ඇති අතර ඉන් වැඩි දෙනෙකු ප්‍රතිකාර ගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන්ය.

තවදුරටත් ජනතාව දිවයින පුරා මාර්ගවල රැස් වී විරෝධතා දක්වමින් සිටින බව "අද දෙරණ" වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර ගාලු මුවදොර පැවැත්වෙන අරගලය විරෝධතාවය සඳහා ඊයේ රාත්‍රියේ ද විශාල පිරිසක් සහභාගී වී සිටියේය.

අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත පිරිස් විසුරුවා හැරීම සඳහා ඊයේ රාත්‍රී කඳුළු ගෑස් ප්‍රහාර මෙන්ම අහසට වෙඩි තැබීම් ද සිදුකළ බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී පිරිසක් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසට ගිනි තබා ඇති අතර එහිදී වෙඩි තැබීමක් ද සිදුව ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.

අනෙක් පිරිස තංගල්ල රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ද තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර නිට්ටඹුව නගරයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගියේය.

එම වෙඩි තැබීමේ සිද්ධියෙදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට ද ඊයේ රාත්‍රී මාකුඹුර ප්‍රදේශයේදී පහරදීමක් සිදුව තිබේ.

මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළ පහරදීම සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..