header logo
SLIC
උණුසුම් පුවත්
ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදහස්
May 21, 202102:44 PM
ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදහස්

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව එම තීන්දුව ලබා දුන්නේය.

නිදොස් කොට නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා , ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාල නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.

එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී.ප්‍රේමචන්ද්‍රන් නමැත්තා නඩු විභාගය අතරවාරයේ මියගොස් තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, එම නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇවන්ගාඩ් සමාගමට සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු රක්නා ලංකා සමාගමට රතු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදී තිබු බව පැවසුවේ යැයි සඳහන් කළේය.

ඒ අනුව ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් තබා ගැනීමට අවසර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දුන් සාක්ෂිවල සඳහන් කර තිබූ බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා කෙසේ වෙතත් පරිපාලන පහසුව සඳහා එම ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ලිපියක් නිකුත් කර තිබූ බවද පැවසුවේය.

එම නෞකාව තුළ ගිනිඅවි සහ පතුරම් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළේ යැයි සඳහන් කරමින් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් එය ව්‍යාජ ලිපියක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය සාක්ෂි මඟින් පිළිගෙන තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීමට වලංගු බලපත්‍රයක් තිබූ බව පෙනී යන බවත් එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

2015 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 19 යටතේ එම නඩුව විභාගය පැවැත්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...