බුදුහිමියන්ගේ දකුණු දළදා වහන්සේ නිධන් කළ බවට සැලකෙන ස්ථූපයක්
July 19, 2020 06:42 pm
බුදු රජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිධන් කළ බවට සැලකෙන ස්ථූපයක් ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරස්ථානයෙන් සොයාගෙන තිබේ.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි එම විහාරස්ථාන භූමිය මීට වසර 10ක පමණ කාලයක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදුකරමින් පවතින බව දිස්ත්‍රික් පුරා විද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය අර්ජුන තන්තිලගේ මහතා පැවසුවේය.
එම කැණීම්වලින් සොයාගත් සාක්ෂි ක්‍රිස්තුපූර්ව දෙවන සියවස දක්වා ඉතිහාසය නිරූපණය වේ.
ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ පමණ අදාළ ස්ථූපය ඉදිකර ඇති බවට ඓතිහාසික ලේඛනවල දැක්වෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.