
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයන්හි රථ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රථ වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර් 60ක උපරිම වේගයක් පවත්වාගෙන යන ලෙස එම අධිකාරිය රියදුරන්ට දැනුම් දී ඇත.
එමෙන්ම රථ වාහනවල ඉදිරිපස විදුලිපහන් දල්වාගෙන ගමන්කිරීම ද සුදුසු බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේය.



















































