header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

නටබුන් මතුවෙන කලුගඟ ජලාශය...

නටබුන් මතුවෙන කලුගඟ ජලාශය...

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ පිහිටි කළු ගඟ ජලාශය මේ දිනවල පවතින වියළි කාළගුණය හමුවේ ජලය අඩුවෙමින් පවතී.

කළුගඟ ජලාශය ඉදිකිරීමේදි ඒ වෙනුවෙන් නිවාස, ඉඩම්, දේපල විශාල ප්‍රමාණයක් මහා ජල කඳට යටවූ අතර මෙලෙස ජලය අඩුවීමත් සමඟ ජලයට යටව තිබූ පැරණි පල්ලේගම ප්‍රදේශයේ නිවාස සහ දේපල ජලයෙන් උඩට මතුවෙමින් තිබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

Aug 10, 202604:20 PM
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බවට අනතුරු ඇඟවීම්

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළුවන බවට අනතුරු ඇඟවීම්

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් සිදුකර තිබේ.

Aug 09, 202607:26 PM
වියළි කාලගුණයෙන් මැදිරිගිරියේ වැව් සිදීයයි

වියළි කාලගුණයෙන් මැදිරිගිරියේ වැව් සිදීයයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට එම ප්‍රදේශයේ කුඩා වැව් රැසක් සිඳී ගොස් තිබේ.

මැදිගිරියේ නිකහේන ගම්මානයේ නිකහේන වැව සිඳීයාමෙන් කුඹුරු අක්කර සීයයකට වැඩි ප්‍රමාණයක් මෙවර යල කන්නයේ අස්වැද්දු වී වගාව විනාශ වී ඇත.

එම නිසා එම ප්‍රදේශයේ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටී.

ඡායාරූප- රසාංග

Aug 06, 202609:55 AM
මහ වැසි මැද සිදුකළ අවදානම් මෙහෙයුම...

මහ වැසි මැද සිදුකළ අවදානම් මෙහෙයුම...

අඹගමුවේදී සැඩ පහරට හසු වූ ලංගම බස් රථය තරුණයින් පිරිසක් එක්ව බේරා ගෙන තිබේ.

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (03) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන -නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශයේන් අඹගමුඔය පිටාර ගැලීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණි.

Aug 04, 202606:02 PM
මුලතිව්හිදී සිවිල් - හමුදා විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක්

මුලතිව්හිදී සිවිල් - හමුදා විශේෂ සම්බන්ධීකරණ සාකච්ඡාවක්

කල්ගත වූ ඉඩම් ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ප්‍රාදේශීය සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ සිවිල් - හමුදා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

Aug 02, 202603:30 PM
කඩොලාන දිනය වෙනුවෙන්...

කඩොලාන දිනය වෙනුවෙන්...

ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතියට සමඟාමීව, කඩොලාන පැල 400ක් රෝපණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට යාබඳව පිහිටි වෙරුගල් ආරුගඟ සහ උක්කේනි කලපු සහ වෙරළ තීර‍යන් ආශ්‍රිතව පසුගිය 26 වනදා සිදුකෙරුණි.

Jul 30, 202609:04 AM