ඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

January 13, 2026   01:37 pm

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ඇලීසා හීලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (13) නිවේදනය කළේය.

මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නව නායිකාවක් යටතේ සහභාගීවිය යුතු බව පවස ඇය මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ඉක්මන්කර ඇත.

මේ වනවිට 35 හැවිරිදි වියේ පසුවන ඇලීසාගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව දෙවරක් විස්සයි20 ලෝක ශූරයන් බවට පත්විය.

එමෙන්ම ඇය කණ්ඩායමේ සිටියදී ඔස්ට්‍රේලියාව අවස්ථා 8කදී  ලෝක කුසලාන (එක්දින - 2013, 2022 හා විස්සයි20 -2010, 2012, 2014. 2018, 2020, 2023 ) ජයග්‍රහණය කර ඇත.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 7,106ක් රැස්කර ඇති අතර ඇලීසා, ශතක 8ක් හා අර්ධ ශතක 38ක් රැස්කර තිබේ.

එමෙන්ම ඇය කඩුලු රකින්නියක් ලෙස දවාගැනීම් 275කට දායක වී ඇත.

ඇලීසා හීලි 2018 සහ 2019 වසරවලදී වසරේ විස්සයි20 ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගෙන තිබේ.

ඔස්ට්‍රේලියා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ගේ බිරිඳ වන ඇලීසා, ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඉන්දිය තරග සංචාරය ඇගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වේ.