දක්ෂිණාංශික නායිකාවකට වසර 5ක දේශපාලන තහනමක්
සයුරෙන් එතෙර

දක්ෂිණාංශික නායිකාවකට වසර 5ක දේශපාලන තහනමක්

April 1, 2025   10:50 am

2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලර් පෙන් හට වසර 5ක දේශපාලන තහනමක් පනවා තිබේ.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇයට වසර 2කින් අත්හිටවූ වසර 4ක සිරදඬුවමක් පැරිස් අධිකරණයක් විසින් නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

යුරෝපා සංගමයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත වරදකරු වූ ඇයට ඊයේ දිනයේ එම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව ඇයට වසර 5ක කාලයක් දේශපාලන කටයුතුවල නිරත වීම ද තහනම් කර තිබේ.

යුරෝපා පාර්ලිමේන්තු අරමුදල්වලින් යුරෝ මිලියන 3ක මුදලක් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇය මෙලෙස වරදකරු වී ඇති බව වාර්තා වෙයි.