
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මස එක්දින ජාත්‍යන්තර තරගාවලියක් සහ 20යි 20 ජාත්‍යන්තර තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, 20යි 20 තරගාවලිය ඔක්තෝබර් 13, 15 සහ 17 යන දිනවලදී දඹුල්ලේ දී පැවැත්වෙන බවය.
මේ අතර එක්දින ජාත්‍යන්තර තරගාවලිය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔක්තෝබර් 20, 23 සහ 26 යන දින වලදී පැවැත්වීමට නියමිතය.



















































