header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
සමිත දුලාන් පදක්කම පිටුපස සැඟවුණු අතීතය අවදි කරයි
Sep 03, 202406:21 PM
සමිත දුලාන් පදක්කම පිටුපස සැඟවුණු අතීතය අවදි කරයි
Mobitel 1278

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් උළෙලේදී F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමිත දුලාන් සමත්විය.

ඒ එම ඉසව්වේදී රිදී පදක්කම හිමිකර ගනිමිනි.

පැරාලිම්පික් උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව ඊයේ (02) රාත්‍රියේ පැවති අතර එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සහභාගි විය.

F64 කාණ්ඩය නමින් මෙම ඉසව්ව පැවැත්වුණ ද F42, F43, F44, F61,F62 සහ F63 යන කාණ්ඩවලට අයත් පැරා ක්‍රීඩකයින් ද මෙම ඉසව්වට සහභාගී විය.

කාණ්ඩ කිහිපයක තරගකරුවන් මෙම ඉසව්වට සහභාගි වීම හේතුවෙන් එහි පදක්කම් පිරිනැමුණේ හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් තිදෙනාට ය.

සමිත දුලාන් F44 කාණ්ඩයෙන් හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වූ අතර එහිදී ඔහු මීටර් 67යි දශම 0යි 3ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.

එය වාර්තා අතරට එක්වූයේ F44 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් ලෙසය.

සමිත දුලාන් ඊයේ බිඳ හෙලුවේ මීට පෙර මීටර් 66යි දශම 4යි 9ක දක්ෂතාවක් දක්වමින් ඔහු විසින්ම තබා තිබූ ලෝක වාර්තාවය.

සමිත දුලාන් F44 කාණ්ඩයෙන් ලෝක වාර්තාවක් පිහිටවුව ද ඔහුගේ දක්ෂතාව සමස්ත ක්‍රීඩකයින්ගේ දක්ෂතා අතරින් දෙවන හොඳම දක්ෂතාව වීම හේතුවෙන් සමිතට රිදී පදක්කම හිමිවිය.

රන් පදක්කම ඉන්දියා ක්‍රීඩකයෙක් හිමි කරගත් අතර ලෝකඩ පදක්කම ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන සමිත දුලාන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ප්‍රදීප් නිශාන්තය.

දෙනියායේ උපත ලබන සමිත දුලාන් අධ්‍යාපනය හදාරන්නේ දෙනියාය ජාතික පාසලෙනි.

සමිත අවාසනාවන්ත ලෙස රිය අනතුරකට භාජනය වන්නේ 2016 වසරේදීය.

සමිත දුලාන්,

"බයික් එකේ යනකොට තමයි අනතුර වුණේ. ඊට පස්සේ මගේ දකුණු පාදය ආබාධයකට ලක්වුණා. අවුරුදු 2ක්ම මම නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඊට පස්සේ තමයි මම පැරා ක්‍රීඩාවට යොමු වෙන්නේ. අපි හොඳට ඉන්නකොට කරන ක්‍රියාකාරකම් වගේ නෙමෙයි අවුරුදු දෙකක් එක තැන ඉඳලා පාදයේ ආබාධයත් එක්ක නැවත ක්‍රීඩාව කරන්න ගද්දී ඇත්තටම මට ලොකු අපහසුතාවයක් තිබුණා. නැවතත් මම මගේ හිතේ හයියෙන් ඒ තැනට අවා."

රිය අනතුරකට භාජනය වී ආබාධ තත්ත්වයට පත්වන සමිත දුලාන් එම අනතුරෙන් වසර 8ක් ගතවන විට පැරාලිම්පික් පදක්කම් දෙකක් හිමිකර ගනිමින්, වීර්යය සහ නොපසුබසිනා උත්සාහය පිළිබඳ බොහෝ දෙනෙක්ට ඉතා හොඳ පාඩමක් කියාදෙයි.

සමිත දුලාන් 2021 වසරේ පැවති ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ද F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

පැරිස් පැරාලිම්පික් උළෙලේ රිදී පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ආ සමිත දුලාන්ට දෙරණ මාධ්‍ය ජාලයේ සුබ පැතුම්.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්