
ලාඕසයේ පැවැත්වෙන ආසියාන් රටවල සාකච්ඡාවලට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් රටවල් රැසක විදේශ අමාත්‍යවරුන් හමුවී තිබේ.
එහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී රුසියානු යුද පෙරමුණේ සිටින ඉන්දියානුවන් පිළිබඳ අවධානය යොමුකර ඇත.
මීට අමතරව දකුණු කොරියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, මැලේසියාව සහ යුරෝපා සංගමයේ රටවල් කිහිපයකම විදේශ අමාත්‍යවරුන් හමුවී ඇත.
වෙළෙඳ ගනුදෙනු, බලශක්තිය, උසස් තාක්‍ෂණ ක්ෂේත්‍රය ආදී සබඳතා වැඩිදියුණු කිරීම මෙම සාකච්ඡාවලදී ඉන්දියාවේ වැඩි අවධානයක් යොමුවී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

















































