
ඉන්දියාවේ වර්ධනය කිසිවෙකුටත් තර්ජනයක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
රූපවාහිනී නාලිකාවක මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ලෝකයේ සියලුම රටවල් ඉන්දියාව හා එක්වීමට කැමති නොවන්නේ ඇයි යනුවෙනි.
සිය පාලනය යටතේ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම ද තවදුරටත් ඉහළ නැංවිය යුතු බවද නරේන්ද්‍ර මෝදි පෙන්වා දී තිබේ.



















































