
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.
ඊයේ දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග අතිරේක දිනය වූ අද පස්වරු 3 දක්වා තරගය කල්දමනු ලැබීය.
එහිදී අද දහවල් කොළඹ ආර් ප්‍රේමදාස පිටිය අවට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4.40ටය.
කෙසේ වෙතත් මේ හේතුවෙන් තරගයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැත.
එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමට සමත්විය.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමට අද සමත්විය.
හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට ලකුණු 122ක් ඇතුළත් විය.
හයේ පහර 2ක් සහ හතරේ පහර 12ක් සමග විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කේ එල් රාහුල් පන්දු 106කදී ලකුණු 111ක් රැස්කරගැනීමට සමත්විය.





















































