
පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් අද (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය පවසන්නේ නව දඩ පත්‍රිකාවට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය සදහා රජයේ ප්‍රගතිශිලි රියදුරු සංගමය, ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය, වරාය පෞද්ගලික බහලුම් රථ සංගමය, බස්නාහිර පළාත් පෞද්ගලික බස් රථ රියදුරු සංගමය, කොළඹ නගරාන්තර ත්‍රීරෝද රථ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමය යන සංගම් සහය ලබාදෙයි.
සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක මහතා ප්‍රකාශ කළේ තාක්ෂණික කැමරා සහිත මාර්ග පද්ධතියක් සකස් කොට මෙම දඩ පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසත් එතෙක් පැරණි දඩ පත්‍රිකාව ලබා දෙන ලෙසයි.
කෙසේ වෙතත් බස් හිමියන්ගේ සංගම් පවසන්නේ මෙම වර්ජනයට තමන් සහය නොදෙන බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ වැඩ වර්ජනය කිරීම සඳහා මෙය අවස්ථාවක් නොවන බවත් නීති වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි.
අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය මාධ්‍ය ප්‍රකාශක ප්‍රසන්න විපුලගුණ මහතා ප්‍රකාශ කළේ සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන බවයි.
රථ වාහන වැරදී සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්රීයාත්මක කළ යුතු බව පොලිස්පති පූජීත් ජයසුන්දර මහතා ඊයේ කොළඹ පැවැති උත්සවයකදී සදහන් කළේය.















































