header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
දේශීය ආදායම් පනත් කෙටුම්පතට අපි විරුද්ධයි!
Aug 21, 201702:41 PM
දේශීය ආදායම් පනත් කෙටුම්පතට අපි විරුද්ධයි!
Mobitel 1278

අගෝස්තු 25 වන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරුද්ධවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය පහත පරිදි වෙයි,

2017 අගෝස්තු 21
මාධ්‍ය නිවේදනය

යෝජිත නව දේශීය ආදායම් පනත

වර්තමානයේ බලාත්මක 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත වෙනුවට නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් 2017 අගෝස්තු 25 වන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. පහත දැක්වෙන කාරණා හේතුවෙන් අපි මේ දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරුද්ධ වෙමු.

පනත් කෙටුම්පතේ 5(2)(ඊ) ඡේදයට අනුව සේවා යෝජකයකු විසින් තම සේවකයකු වෙනුවෙන් අර්ථසාධක අරමුදලට ගෙවන දායක මුදල අදාල සේවකයාගේ බද්දට යටත් ආදායමේ කොටසක් හැටියට සලකනු ලැබේ. මෙයින් අර්ථසාධක අරමුදලට ගෙවන දායක මුදලත් සේවකයන් මත පැටවෙන බරක් බවට පත්වේ. මෙකී පනත් කෙටුම්පතේ පළමු පරිශිෂ්ඨයේ 08 වන ඡේදයට අනුව අර්ථසාධක අරමුදලක් සිදු කරන ආයෝජන වලින් ලැබෙන ආදායම් මත අයකෙරෙන බද්ද 10% සිට 14 % දක්වා වැඩි කිරීමට නියමිතය. මෙමඟින් අර්ථසාධක අරමුදල් වල සාමාජිකයන්ට යායුතු මුදල අඩුවේ.

යෝජිත නව නීතිය යටතේ සියලුම ආගමික ස්ථානවලට දී තිබූ බදු මුක්තිය අහෝසි කරනු ලබන අතර, එහි පළමු පරිශිෂ්ඨයේ 06 වන ඡේදයට අනුව ආගමික ස්ථාන ඇතුලු පුන්‍ය ආයතනවලට අදාල බදු ප්‍රතිශතය 14 %ක් වේ. මෙහි තුන්වන හා පස්වන පරිශිෂ්ටවලට අනුව යම්කිසි පුන්‍ය ආයතනයකට හෝ ආගමික ස්ථානයකට බදු සහනයක් ලැබෙනනේ අදාල මුදල් ළමුන් වැඩිහිටියන් හා ආබාධිත පුද්ගලයන් රැකබලා ගැනීමට යොදවා ඇත්නම් පමණි. ඇතැම් ආගමික ස්ථානවල ආදායම් රජයේ අධීක්‍ෂණයට ලක් වන අතර මෙවැනි ආයතන වල ආදායම් උපරිම ලෙස බද්දට යටත් වෙනු ඇත. නමුත් ඒ ආකාරයට රජයේ අධීක්‍ෂණයට ලක් නොවන ආගමික ස්ථාන වලට බදු ගෙවීම පැහැර හැරීමට හැකිවනු ඇත. මේ වෙනස්කම් නිසා රට තුළ සමාජීය නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ තිබේ.

එමෙන්ම 2006 දේශීය ආදායම් පනතෙන්, රැකගත යුතු යැයි සැලකෙන අත් කර්මාන්ත, චිත්‍රපට හා නාට්‍ය නිශ්පාදනය වැනි කාරණා වලට බදු මුක්තිය පිළිබඳ තුන්වන පරිච්ඡේදයෙන් සහන සලසා තිබුණි. මෙකී පරිඡ්චේදයෙන් ඖෂධ නිශ්පාදනය, ආනයන ආදේශනය, පුනර්ජනනීය බලශක්ති නිශ්පාදනය වැනි ආර්ථික කටයුතු වලටද සහන සලසා තිබුණි. 2006 පනතේ මෙවන් බදු සහන දෙසීය ගණනක් ඇත. නමුත් ඒවා සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙන් ඉවත්කර ඇත.

වර්තමානයේ වසරකට රුපියල් ලක්‍ෂ පහට වැඩියෙන් වෘතිකයන්ට ලැබෙන ආදායම මත බදු අය කෙරෙන්නේ මිලියන 25 දක්වා 12 %ක්, හා අනුක්‍රමික වැඩිවීමකින් පසු මිලියන 35 ට වැඩි ආදායම් වලට 16% ක් වශයෙන්ය. යෝජිත නව නීතියට අනුව වෘතිකයන්ගෙන්ද පුද්ගලයන්ට අදාල සාමාන්‍ය බද්ද අයකරනු ඇත. ඒ අනුව වසරකට පළමු ලක්‍ෂ 6 ට බද්දක් අය නොකෙරෙන අතර එතැන් සිට සිට උපනය සෑම ලක්‍ෂ 6කටම 4%, 8%, 12%, 16%, 20% වශයෙන් වැඩි වී වසරකට මිලියන තුනකට වැඩි ආදායම් වලට 24 %ක් බදු ගෙවීමට සිදු වේ. වෘත්තිකයන්ට අඩු ආදායම් බද්දක් නියමකොට තිබුණේ විදෙස්ගත නොවී ඔවුන්ව ලංකාවේ රඳවා ගැනීමට දිරි ගැන්වීමක් වශයෙනි.

පනත් කෙටුම්පතේ පළමු පරිශිෂ්ටයේ 10(ආ)(iii) ඡේදයට අනුව සියලු බදු ආදායම් 10%ක රඳවා ගැනීමේ බද්දකට යටත් වනු ඇත. මෙයින් තම දේපල කුළියට දී වැඩිපුර ආදායමක් උපයා ගැනීමට උත්සාහ කරන මධ්‍යම පාන්තිකයන් මත විශාල බරක් පැටවෙනු ඇත.

පනත් කෙටුම්පතේ පළමු පරිශිෂ්ටයට අනුව පුද්ගලයන්ට අදාල උපරිම බදු ප්‍රතිශතය 24% ක් වෙයි. සමාගම් වලට අදාල උපරිම ප්‍රතිශතය 28 % ක් ලෙස හැදින්වුවද අධ්‍යාපනය, කෘෂිකර්මය, සංචාරක ව්‍යාපාරය, තොරතරු තාක්‍ෂණ සේවා හා අපනයන වැනි තෝරාගත් ක්‍ෂේත්‍ර කිහිපයක ආයතනයේ පරිමානය නොතකා අදාල බද්ද 14% ක් වනු ඇත. මෙයින් අසාධාරණයක් සිදුවන අවස්තා පැන නැගිය හැක. උදාහරණයක් වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශාල සමාගමක් 14 %ක බද්දක් ගෙවන විට තම නිවසේ උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුට 24% ක බදු ගෙවීමට සිදුවීමට ඉඩ තිබේ.

එමෙන්ම කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ විශාල සමාගම් 14%ක බද්දක් ගෙවන විට වානිජ වගාවක් කරන තරුණයෙකුට 24%ක බද්දක් ගෙවීමට සිදුවීමට ඉඩ ඇත. යෝජිත නව නීතිය යටතේ කුඩා හා මධ්‍යම පරිමාන ව්‍යාපාර වල බදු ප්‍රතිශතයද වර්තමානයේ ඇති 12% සිට 14% දක්වා වැඩි වේ.

2006 දේශීය ආදායම් පනතින් මෙන්ම ඊට කලින් පැවති සියලු පනත් විසින්ද එම නීතිය යටතේ ඇති බලතල ක්‍රියාත්මක කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවන් නැත්නම් සහකාර කොමසාරිස් වරුන් වෙත ඍජුවම පවරා තිබුණි. නමුත් නව පනත් කෙටුම්පතේ 97 හා 98 ඡේද වලට අනුව සියලු බලතල සංකේන්ද්‍රගත වෙන්නේ දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ අතේය. ඔහුට තම අභිමතය පරිදි තෝරාගත් නිලධාරීන්ට තම බලය පැවරිය හැක. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලබන අතර මුදල් අමාත්‍යවරයා යටතේ කටයුතු කරනු ලබයි. පනත් කෙටුම්පතේ 100 වන ඡේදයට අනුව පුද්ගලයනගේ බදු ලිපිගොනු වල රහිසිගත තොරතුරු ඇමතිවරයාට ලබා ගත හැකි වේ. මේ තත්වයන් යටතේ සියලු බලතල කොමසාරිස් ජෙනරාල්වරයාට පැවරෙන අවස්ථාවකදී ඇතැම් පුද්ගලයන්ට ලැබෙන බදු තක්සේරු දේශපාලන බලධාරීන් විසින් මෙහෙයවන තක්සේරු බවට පත්විය හැක.

2006 පනතින්ද ඊට කළින් පැවති සියලු දේශීය ආදායම් පනත් වලින්ද බලතල ඍජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවන්ට හා සහකාර කොමසාරිස්වරුන්ට පවරා තිබුනේ බලය සන්කේන්ද්‍ර ගතවීම වැලැක්වීමටයි. පුද්ගලයන්ගේ ආදායම් ලිපිගොනු සම්බන්ධයෙන් තක්සේරුකරුවන් විශාල ගණනකට බලතල පවරා තිබීමෙන් රහසිගත තොරතුරු ලබා ගැනීමට ඇමතිවරයාට ඇති බලතල අවභාවිතා වීමට ඇති සම්භාවිතාවද අඩුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මතභේද නිරාකරනය කිරීමේ ක්‍රමවේද කීපයක් ඇත. යම් කිසි තක්සේරුවකට එකඟ නොවන අයකුට මුලින්ම තවත් තක්සේරු කරුවකුට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට හැකිය. එයින්ද ප්‍රශ්ණය විසදෙන්නේ නැතිනම් ඊට ඉහල නිළධාරියකුට එය ඉදිරිපත් කළ හැකිය. එයින්ද විසඳුමක් නොලැබුණහොත් කොමසාරිස් ජනරාල් වරයාගේ විශේෂ නියෝජිතයකු ඒ කාරණය ගැන විමසා බලනු ඇත. මෙයින්ද ප්‍රශ්ණය නොවිසඳුනහොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පරිබාහිරව ඇති ස්වාධීන ආයතනයක් වන බදු අභියාචනා කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ හැක. යමෙකුට උසාවියට යාමට සිදුවන්නේ ඒ සියලුම ක්‍රමවේදයන් වලින් සහනයක් නොලැබුණහොත් පමණි.

මෙවන් ක්‍රමයක් සාර්ථක වන්නේ නීතිය විසින් ඍජුවම තක්සේරුකරුවන් නැතිනම් සහකාර කොමසාරිස්වරුන් වෙත බලතල පවරා ඇත්නම් පමණි. සියලු බලතල ඇත්තේ කොමසාරිස් ජනරාල්වරයාට නම් ඔහුට එරෙහිව ඔහු යටතේ සිටින නිලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පලක් නැත. මේ නිසා නව නීතිය සම්මත වුවහොත් ඇතැම් බදු ගෙවන්නන්ට දෙපාර්තමේන්තුව තුළ විසඳුම සොයන්නේ නැතුව කෙලින්ම බදු අභියාචනා කොමිසමට නැතිනම් උසාවියට යෑමට සිදුවීමට ඉඩ ඇත.

යෝජිත නව දේශීය ආදායම් කෙටුම්පත පදනම් වී ඇති ප්‍රතිපත්තිය එජාපයේ මතවාදයට අනුකූල වුවත් ශ්‍රිලනිපයේ මතවාදයට අනුකූල නැත. අර්ථසාධක අරමුදල් වලට ගෙවන දායක මුදල් මත බදු අයකිරීමටත්, පුද්ගලයන්ගෙන් වැඩියෙන් බදු අයකර එම ක්‍ෂේත්‍රයේම සමාගම් වලින් ඊට අඩුවෙන් බදු අයකිරීමටත්, ජීවත්වීමේ අරගලයක නියුතු මධ්‍යම පන්තියේ බදුබර වැඩි කිරීමටත්, ආගමික ස්ථාන වලින් බදු අයකිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට එකඟ විය නොහැක. මේ නව පනත දේශීය නිශ්පාදනයට, දේශීය ව්‍යවසායට, දේශීය නිර්මාණශීලීත්වයට, හා දේශීය ජනතාවට අවාසිදායක වෙන අතර, බහුජාතික සමාගම් හා විදේශිකයන්ට වාසිදායක වේ. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වූයේ වැඩි වශයෙන් එජාප ඡන්ද වලින් වුවත් පාර්ලිමේන්තුවේ සිටින සියලුම ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තේරී පත්වූයේ මා විසින් මෙහෙයවන ලද ඡන්ද ව්‍යාපාරයකින් හා ශ්‍රිලනිප/එජනිස ඡන්ද වලින් බව මම ආණ්ඩුවේ සිටින සියලුම ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට මතක්කර දීමට කැමැත්තෙමි. එමනිසා මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට එයට එරෙහිව ඡන්දය දීමට සියලුම ශ්‍රිලනිප මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ට යුතුකමක් ඇත.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

අධිකරණයට ආ හිටපු ජනපති ගෝඨාභය..

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

ක්‍රිෂ් නඩුවට නාමල්ව අධිකරණයට රැගෙන එයි | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගුවන් ගමනේ ආරක්ෂාවට ආ ප්‍රහාරක ජෙට් යානා... | Ada Derana

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

උද්ධමනය 8%ක් වෙන්න බලපෑ හේතු.."ජනතාවත් තේරුම් ගන්න ඕනේ..හැමදාම රජයේ සහන මත නොරැඳී වගා කරන්න"

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

ආණ්ඩුව ඉදිරි මාස තුනේ ඉන්ධන සහනාධාරය දෙන විදිහ

 හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

හෙට සිට කොළඹ පුරා දුවන මෙට්‍රෝ... | බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් තදින්ම| Ada Derana

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

තෙල් මිල ගැන ඉඟියක්... | "කැබිනට් එකට ආවට පස්සේ මම කියන්නම් මොකද වෙන්නේ කියලා"

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

'චිකාගෝ' සිහිගැන්වූ බද්දේගම වෙඩි තැබීම - කිසිදු බියක් නැතුව මහ පාරේ හතර අතට වෙඩි වරුසාවක්

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඛේදවාචකය - අසේලගේ දේහය නිවසට - ''හීනයක් වගේ දෙයියනේ'' | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

පාඨලීගේ ‘එකට ගැටුම’ එළිදකී - ලංකාවට එන විශාල අර්බුදයක් ගැන අනාවරණයක් | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

මෑත ඉතිහාසයේ උතුරෙන් ඇල්ලූ විශාලතම මත් තොගය | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

කථානායක ගැන නියෝජ්‍ය කථානායක නොදන්න ආරංචිය - ''එහෙම එකක් තියෙනවාද? මට ආරංචි නෑ'' | Ada Derana

 'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

'ලීසිං' ගිවිසුම කැඩුවොත් යළි පවරා ගැනීම ගැන පොලිසියෙන් මතක් කිරීමක්

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

දෙරණාභිවන්දනා ඓතිහාසික දඹුල්ල සංකස්සපුර සේනාසනයේදී - Fm දෙරණ අසපුව | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

මන්ත්‍රීවරු තිදෙනෙකු නොමැතිව 22 සම්මත වෙයි - කථානායකගේ අත්සනත් රාත්‍රියේදීම | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

නීතිය කැලේ යැයි පොහොට්ටුව තානාපතිලාට කියයි

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

යහපාලන සමයේ ක්‍රිෂ් නඩුව අස්කර ගත්තාට හිටපු පොලිස් ලොක්කාට එරෙහිව පැමිණිල්ලක්

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

නෙදර්ලන්තයෙන් දුන් වාහනයක් අවභාවිතා කළාටරු. ලක්ෂ 66ක් ගෙවීමට ෆවුසිට නියෝග

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

"ලංකාව ගැටුම් පවතිද්දිත් මානුෂීයත්වයට ඉඩක් ඇති විශාල හදවතක් සහිත කුඩා රාජ්‍යයක්"

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

නාමල්ට එරෙහි නඩු දෙකක විභාගය ඇරඹේ - දෙකෙන්ම ඇප නෑ

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

ලෝක හදවත් දිනය අදයි | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

75 වසරක වාර්තාවත් බිඳී ! - ආසියානු උළෙලේ රන් පදක්කම රුමේෂ් තරංගට | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නෑ | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

වැරදි කළොත් ලකුණු කැපෙයි - රිය අනතුරු අවම කරන්න නව ක්‍රමවේදයක් | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ