
තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් උපවාසයේ නිරත වී සිටින රැඳවියන් 20 දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති බව ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන් දස දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බවයි.
ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින රැඳවියන් පිරිසක් පසුගියදා ආහාර වර්ජනයක නිරත වෙමින් මෙම උපවාසය ආරම්භ කළේය.
මෙම රැඳවියන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කඩිනමින් සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බව මනෝගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් අද දෙරණ කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ උපවාසයේ නිරත කිසිදු රැඳවියෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නොවන බවයි.



















































