
දෙමළ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ජන සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන තිබේ.
අද(10) උතුරු පළාත් සභාවේදී අදාළ යෝජනාව සම්මත කරගෙන ඇති බව සඳහන්ය.
අදාළ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සාමය හා යහපාලනය තවදුරටත් ඇති කිරීමට එය ඉවහල් වනු ඇති බවයි.
එසේම අදාළ යෝජනාව කිසිදු පුද්ගලයෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් සිදු නොකළ දෙයක් බවත්, සිංහල මෙන්ම වෙනත් ජාතීන්ද මෙයට සහය දැක්විය යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

















































