
මීරිගම, පස්යාල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියකට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ රත්‍රී 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
පස්යාල ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි රථවාහන නිළාධාරින් විසින් අදාළ යතුරුපැදිය නතර කරන ලෙස දැනුම්දුන්නද, එය නොනවත්වා ධාවනය කර පොලිස් නිළධාරීන්ට අනතුරක් සිදුකිරීමට උත්සාහ කර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
එහිදී පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරුට වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබු ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සදහන් කළේය.
මළ සිරුර වතුපිටිවල රෝහලේ තබා ඇති අතර නිට්ටඹුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

















































