
ඉන්දියාවේ මහ බෝධි විහාරය ආසන්නයේ අද සිදුවු බෝම්බ පිපුරුම් සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු බුද්ධගයාවේ වන්දනා ගමන්වලින් වළකින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා මේ පිළිබඳ දැනුම්දීමක් කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පැවසීය.
අද උදෑසන සිදුවු එම බෝම්බ පිපුරුම් මාලාවෙන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඉන්දීය පොලීසිය මේ ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.




















































