
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි රැඳවියකගේ තුන් මස් වියැති බිලිඳියක මව්කිරි පිට උගුරේ යාමෙන් මිය ගොස් තිබේ.
මෙම සිදුවීමට අදාළව, බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා සවිස්තරාත්මක වාර්තාවක් කැඳවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පියවර ගෙන ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළව අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමටත්, අනාථ භාවයට හෝ මෙවැනි අනතුරුදායක තත්වයන්ට මුහුණ දීම අවම කර ගැනීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සහ පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත විශේෂ උපදෙස් ලබා දී ඇත.















































