
රාජ්‍ය ආයෝජන සහ 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු සිදුකරන ප්‍රතිසංස්කරණ සඳහා වෙන්කළ වියදම් ඉහළ ගොස් තිබියදී පවා, මෙරට රජය මූල්‍ය විනය සහ රාජ්‍ය ණය අඩු කරගැනීමේ ඉලක්ක 2027 අයවැය මගින් තහවුරු කර ඇති බව ජාත්‍යන්තර 'ෆිච් රේටින්ග්ස්' ආයතනය පවසයි.
2026 වසරේදී ශ්‍රී ලංකාවේ මූල්‍යමය ඉලක්කයන් සැලකිය යුතු ලෙස ඉක්මවා යමින් පෙන්වූ සාර්ථකත්වය සහ ණය බර අඩු කරගැනීම කෙරෙහි දක්වන ලද ප්‍රමුඛතාව හේතුවෙන්, පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරට ණය ශ්‍රේණිගත කිරීම 'CCC+' සිට 'B-' දක්වා ඉහළ නැංවීමට 'ෆිච් රේටින්ග්ස්' පියවර ගත්තේය.
2026 වසරේදී රාජ්‍ය ආදායම් වර්ධනය වීම නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6% ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇත. මෙය මීට පෙර අපේක්ෂිත 2.5%ක ඉලක්කය සැලකිය යුතු ලෙස ඉක්මවා යාමකි.
2027 වසර සඳහා මෙම ප්‍රාථමික අතිරික්ත ඉලක්කය 2.3% දක්වා සහ අයවැය පරතරය 4.5% දක්වා පුළුල් වනු ඇතැයි ගණන් බලා තිබුණද, එම තත්ත්වය ද රටේ ණය ප්‍රමාණය අඩු කරගැනීමේ ඉදිරි මාවතට අනුකූල වන බව ෆිච් ආයතනය සඳහන් කරයි.















































