
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමන මාර්ගයක් විවෘත කර ගැනීම සම්බන්ධයෙන් ඕමානය සහ ඉරානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිගේ ඕමාන සංචාරය අතරතුර මෙම සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වෙයි.
ද්වීපාර්ශවීය අවබෝධය වැඩිදියුණු කර ගැනීම තුළින් මෙම අර්බුදකාරී වාතාවරණය තවදුරටත් තියුණු නොවීමට වග බලා ගැනීම පිළිබඳව ද එම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බව ඕමානය පවසා තිබේ.

















































