
ඉන්දු - මැලේසියා ආරක්ෂක සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් නොවැම්බර් 18 සිට 30 දක්වා ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සැලසුම් කර ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ 'Harimau Shakti - 2026' නමින් එය පැවැත්වෙන බවය.
දෙරටේ යුද හමුදා අතර අන්තර් ක්‍රියාකාරීත්වය, හමුදා සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම කෙරෙහි මෙම අභ්‍යාසයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.
2025 වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේදී නිමාවට පත්වූ Harimau Shakti 5වැනි අදියරට සමගාමීව මෙම නව අභ්‍යාසය පැවැත්වෙයි.

















































