header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවයට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
Mobitel 1278

නොමේරූ ළදරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වය වඩාත් යහපත් කිරීම අරමුණු කරගත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.

නොවැම්බර් 15 වැනිදාට යෙදෙන ලෝක නොමේරූ ළදරු දිනයට සමගාමීව මෙම මාර්ගෝපදේශ මාලාව එළිදක්වා ඇත.

ශ්‍රී ලංකා පරිජන්ම සංගමය විසින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය සහ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය හා සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සමාජ අවබෝධය පුළුල් කිරීම මෙන්ම එම දරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සත්කාර සේවාවන්හි වැදගත්කම අවධාරණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු විය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, නොමේරූ ළදරුවකුගේ ජීවිතය බේරාගැනීමෙන් පමණක් සෞඛ්‍ය සේවාවේ වගකීම අවසන් නොවන බවය.

එම දරුවාගේ ඉදිරි ජීවිතය නිරෝගීව හා සාමාන්‍ය වර්ධනයක් සහිතව ගොඩනැංවීම සඳහා අඛණ්ඩ පසු විපරම් සහ සත්කාර සේවා අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම නවජාත දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන නොමේරූ ළදරුවන් සම්බන්ධයෙන් ඉන් අනතුරුව ද අඛණ්ඩ අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නිසි පසු විපරම් සහ සංවර්ධන සත්කාර නොලැබීම හේතුවෙන් එම දරුවන්ගේ වර්ධනයට මෙන්ම පෙනීම සහ ශ්වසන ක්‍රියාකාරීත්වය ඇතුළු සෞඛ්‍ය තත්ත්වයන්ට ද ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

මාතෘ හා නවජාත සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍රයක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

අධි අවදානම් ගැබ්ගැනීම් කළමනාකරණය කිරීමේ සිට නොමේරූ ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටුකරන මෙහෙවර ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම නොමේරූ ළදරුවන්ට අවශ්‍ය සත්කාර හා රැකවරණය සැලසීම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ පමණක් වගකීමක් ලෙස සැලකිය නොහැකි බවත්, ඒ සඳහා වෘත්තීය සංගම්, පෞද්ගලික අංශය සහ අනුග්‍රාහක පාර්ශ්වයන්ගේ ශක්තිමත් සහයෝගීතාව ද අත්‍යවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සෑම නොමේරූ ළදරුවකුටම ජීවිතයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට අවශ්‍ය රැකවරණය සහ අවස්ථා හිමිවිය යුතු බවත්, ඒ වෙනුවෙන් සාමූහික වගකීමකින් කටයුතු කිරීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ විද්වත් කතිකාවක් ද මෙහිදී පැවැත්විණි.

මෙරට සිදුවන සමස්ත දරු උපත්වලින් ආසන්න වශයෙන් සියයට 10ක් නොමේරූ දරු උපත් බව දත්ත මගින් පෙන්වා දෙයි.

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ නොමේරූ ලෙස උපත ලබන ළදරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ හැකියාව ඉහළ ගොස් තිබුණ ද, ඔවුන්ගේ සෞඛ්‍යය හා වර්ධනය අඛණ්ඩව තහවුරු කිරීම සඳහා නිසි වෛද්‍ය සත්කාර සහ දිගුකාලීන පසු විපරම් සේවා අත්‍යවශ්‍ය වේ.

එමඟින් නොමේරූ උපත් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට මෙන්ම පවුල් සහ සමස්ත සමාජය මත ඇතිවන දිගුකාලීන සමාජීය හා ආර්ථික බලපෑම් අවම කරගැනීමට ද හැකියාව ලැබේ.

 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?