header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
2027 අයවැය යෝජනා ගැන හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනා
2027 අයවැය යෝජනා ගැන හර්ෂගෙන් ආණ්ඩුවට චෝදනා
Mobitel 1278

‍වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා මගින් ජනතාව බලාපොරොත්තු වූ සහන හිමි වී නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

විශේෂයෙන්ම මෙරට මැදි ආදායම් ලබන පවුල් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බවත් ඔවුන්ගේ මාසික ආදායම සහ වියදම අතර පවතින පරතරය තවදුරටත් පුළුල් වී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඊයේ (16) රාත්‍රී ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු ඉවත් කිරීම සහ වැට් බද්ද ශුන්‍ය කිරීම වැනි පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවය.

2019 වසරේදී සාමාන්‍ය මැදි ආදායම්ලාභී පවුලක මාසික ආදායම සහ වියදම අතර රුපියල් 5,700ක ඉතිරියක් පැවති නමුත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ඇති බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව අද වන විට එවැනි පවුලක මාසික ආදායමට සාපේක්ෂව වියදම රුපියල් 18,170කින් ඉහළ ගොස් ඇති බවත්, එම හිඟය පියවා ගැනීම සඳහා ජනතාවට ණය ගැනීමට, වියදම් කපා හැරීමට හෝ තම වටිනා දේපළ උකස් කිරීමට සිදුව ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තත්ත්වය තුළ සාමාන්‍ය මැදි ආදායම්ලාභී ජනතාව පෙරට වඩා දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින බව පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා, එවැනි ජනතාවට යම් සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබූ බවද අවධාරණය කළේය.

ජනතාව මුහුණ දෙන සැබෑ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් සහන සැලසීමේ අවශ්‍යතාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,

''දීපු එක ප්‍රධාන පොරොන්දුවක් තමයි අත්‍යවශ්‍ය ආහාරවලට තියෙන බද්ද අයින් කරනවා, වැට් එක බින්දුවට ගේනවා කිව්වා, ඒක කළේ නෑ. අද රටේ ජනතාව එදාට වඩා දරිද්‍රතාවයෙන් පෙළෙනවා. සාමාන්‍ය මැදපන්තියේ පවුලක් ගන්න, 2019 ආදායමයි වියදමයි අතර තිබ්බ වෙනස තමයි රුපියල් 5,700 ක ඉතිරියක් තිබ්බා. හැබැයි අද මේ මැද තියෙන පවුලේ ආදායම සහ වියදම අතර තියෙන වෙනස සෘණ 18,170ක් මාසයකට. එතකොට 18,000ක් මදි අර මැද ඉන්න පවුලකට. එතකොට මොකද වෙන්නේ? එක්කෝ ණය ගන්න වෙනවා, එහෙමත් නැත්නම් කොහෙන් හරි අඩු කරන්න වෙනවා, හරි මොකක් හරි උකස් තියන්න වෙනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ එදාට වඩා අද මිරිකීමකට පත් වෙලා ඉන්නවා සාමාන්‍ය මැදපන්තියේ පුද්ගලයා. ආණ්ඩුවට නැද්ද හදවතක්.. යම්කිසි සහනයක් දෙන්න තිබුණා.''
 

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට කැඳවයි

 විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

විදෙස් සංචිත අර්බුදයක් ගැන මරික්කාර් ආණ්ඩුවට අනතුරු අඟවයි"මේක පොඩි එකාගේ සුරංගනා පොත වගේමයි"

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

වෘත්තීය සමිති කිහිපයක් තවදුරටත් අයවැයට විරෝධය

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලනීගේ දේහය මැදමුලනට...

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

දෑතට විලංගු ලා කස්සප හිමි... ත්‍රිකුණාමලය අධිකරණයට රැගෙන ආ හැටි

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?