
කැලණිය සහ ගම්පහ ප්‍රදේශ රැසකට අද (14) පැය 13යි විනාඩි 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.
ඒ අනුව, බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය සපයන පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෙම ජල කප්පාදුවට පෑලියගොඩ, වත්තල - මාබෝල, ජාඇල සහ කටුනායක - සීදූව නගර සභා බලප්‍රදේශ ඇතුළත්ය.
ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ සහ ජාඇල ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල කොටසකටද ජල සැපයුම අත්හිටුවනු ඇති.



















































