
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් අද (07) පස්වරුවේ ස්වයංක්‍රීයව විවෘත වී තිබේ.
ඒ, මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග මහවැලි ගඟ ඉහළ පෝෂක ප්‍රදේශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යාම හේතුවෙනි.
ස්වයංක්‍රීය පද්ධතිය මගින් අංක 01 සහ අංක 02 යන වාන් දොරටු පිළිවෙලින් මීටර් 0.701 ක් සහ මීටර් 0.707 ක් ප්‍රමාණයෙන් විවෘත වී ඇත.
මේ වන විට වික්ටෝරියා ජලාශයෙන් මහවැලි ගඟට පිටකෙරෙන සමස්ත වාන් ජල ධාරිතාව තත්පරයට කියුබික් මීටර් 159ක් ලෙස සටහන් වන අතර අංක 03 සිට 08 දක්වා වාන් දොරටු තවදුරටත් වැසී පවතී.
ජලාශයේ ධාරිතාව උපරිම මට්ටමට ආසන්නවී ඇති බැවින් සහ ඉදිරියටත් වර්ෂාව පැවතුනහොත් ජල ධාරිතාව තවදුරටත් ඉහළ යා හැකිය.
එම නිසා වික්ටෝරියා ජලාශයෙන් පහළ මහවැලි ගඟ දෙපස සහ රන්දෙණිගල ප්‍රදේශය දක්වා පහත්බිම්වල ජීවත් වන ජනතාව අතිරේක ජල ධාරිතාව කෙරෙහි අවධානයෙන් පසුවන ලෙසත්, ගංගාවට බැසීමෙන් වළකින ලෙසත් බලධාරීහු ඉල්ලා සිටිති.















































