
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තත්පරයට ඝන අඩි 4100ක ජල ප්රමාණයක් මේ වන විට දැදුරුඔය වෙත නිකුත් කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජලාශයට ලැබෙන ජල ප්රමාණය හා වර්ෂාපතනය අනුව වාන් දොරටු විවෘත කිරීමේ ප්රමාණයක්ද වෙනස් විය හැකි බව සඳහන්ය.
ඒ හේතුවෙන් දැදුරු ඔය පහළ ප්රදේශයේ පදිංචිව සිටින ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.















































